Breaking News
Home / දේශීය පුවත් / ITN මාධ්‍යවේදියාට කොරෝනා නැහැලු, දෙවන වාර්තාව නෙගටිව්

ITN මාධ්‍යවේදියාට කොරෝනා නැහැලු, දෙවන වාර්තාව නෙගටිව්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දැනුම් දෙයි.

පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී ඇත. පසුගිය 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට ද මොහු සහභාගි වී සිටි බැවින්, එම මාධ්‍ය හමුවට සහභාගි වූ සියලු මාධ්‍යවේදීන්ට නිවෙස් වලට වී සිටින ලෙසට නිවේදනයක් ද මින් පෙර නිකුත් විය.

අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව තවදුරටත් පෙර කී මාධ්‍යවේදීන් නිවෙස් වලට වී සිටිය යුතු නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කරයි. – අරුණ වෙබ් අඩවිය

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!