Breaking News
Home / ක්‍රිඩා / IPL වලින් තරගයකට ලැබෙන මුදල කෝටි 15 වෙයි. අනාගතේ ක්‍රිකට් නැතිවෙයි IPL ඉතිරිවෙයි – IPL නිර්මාතෘගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

IPL වලින් තරගයකට ලැබෙන මුදල කෝටි 15 වෙයි. අනාගතේ ක්‍රිකට් නැතිවෙයි IPL ඉතිරිවෙයි – IPL නිර්මාතෘගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

IPL තරඟාවලියේ මහා මොළකරු ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ගැන හෙළිකරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කළ ඉන්දීය ක්‍රිකට් ලීග් නමැති තරඟාවලියට අනුරූපව IPL තරඟාවලිය නිර්මාණය කළේ හිටපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයෙක් වන ලලිත් මෝඩි විසින්.

ඔහු වර්තමාන IPL ප්‍රවණතාව පිළිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ අනාගතයේදී ක්‍රීඩකයෙක් IPL තරඟයකින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 15කට අධික මුදලක් උපයනු ඇති බවයි.

මේ මුදල ජාත්‍යන්තර තරඟයකින් කිසිදා ඔවුන්ට ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි මෝඩි පවසන්නේ.

මේ තත්වය මත ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟවලින් ඉවත් වීමේ අවධානමක් මතුවනු ඇති බවයි මෝඩිගේ අදහස.

මේ හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම සියලු රටවල ක්‍රිකට් ආයතන ද දැඩි අර්බුදයකට ලක්වනු ඇති ඔහු විශ්වාස කරනවා.

වසර තුනකට හෝ හතරකට වරක් පවත්වන ලෝක කුසලාන තරඟාවලි ඉදිරියේදී පවත්වන එකම ජාත්‍යන්තර තරඟාවලිය බවට පත්වනු ඇති බවයි ඔහුගේ මතය වී ඇත්තේ.

About lanka

Check Also

කුසල් මෙන්ඩිස් තරුණ නිසා කණ්ඩායමට විශ්වාස උපුල්ට වඩා මෙන්ඩිස්ලු. පන්දු රැකීම උසස් නිසා නොගැහුවත් කමක් නෑලු – හතුරුසිංහගේ කොල්ලා ගැන චන්දිමාල්ගෙන් සහතික

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ (23) පැවති පස්වන එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!