Breaking News
Home / දේශීය පුවත් / IPL අවසන් තරග වලට ලංවෙයි. 22 23 25 අවසන් පුරව තරග 27 අවසන් තරගය. තවම අවසන් කණ්ඩායම 4 තේරී නැති අතරේ තරග වල වෙනසක්

IPL අවසන් තරග වලට ලංවෙයි. 22 23 25 අවසන් පුරව තරග 27 අවසන් තරගය. තවම අවසන් කණ්ඩායම 4 තේරී නැති අතරේ තරග වල වෙනසක්

2018 IPL තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් තවත් මුල් වටය යටතේ පැවැත්වීමට නියමිත අතර මේ වන විට සංරයිසස් කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම අවසාන කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබා තිබෙන අතර සුපිරි හතරේ සෙසු කණ්ඩායම් දෙක කවුරුන් වේදැයි තවමත් අනාවැකි කියන්නට නොහැකි තත්වයක් උදාවී ඇත.තරඟාවලිය මෙලෙස ඉදිරියට යද්දී සුපිරි හතරේ වටයේ තරඟ ගැන IPL සංවිධායකයන් තීරණයක් ගෙන ඇත.

ඒ අනුව සුපිරි හතරේ තරඟ සහ අවසාන තරඟය රාත්‍රී 7:00 ආරම්භ කරන්නට තරඟ සංවිධායකයන් තීරණය කර ඇත,බොහෝ තරඟ මද්‍යම රාත්‍රිය දක්වා පැවැත්වීම නිසා මෙම තීරණය ගත් බවත් ඇතැම් කණ්ඩායම් හිමිකරුවන් මෙම තීරණයට එකඟ නොවුන බවත් IPL තරඟ කමිටු සභාපති රජීව් ශුක්ලා ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟ ඊයේ පැවති හමුවකදී පවසා ඇත.

“තරඟ ගොඩක් වෙලාවට මද්‍යම රාත්‍රියත් පහු වෙනකන් තියනවා අපි දැක්ක,මේකත් එක්ක අපි තීරණය කළා තරඟ පටන් ගන්න වෙලාව ටිකක් ඉස්සරහට ගන්න,එතැනදී මේ තීරණයට සමහර කණ්ඩායම් වල අයිතිකාරයෝ කැමති වුනේ නෑ.එයාලට ගොඩක් ප්‍රශ්නය තිබුනේ සති අන්ත තරඟ වලට,මොකද එයාලගේ සැලසුම් මේ වෙද්දීත් හදල තියෙන්නේ ඒ නිසා අපේ මේ තීරණය නිසා ඔවුන්ගේ ව්‍යාපාරික සැලසුම් ටිකක් වෙනස් කරගන්න වෙන එක තමයි ප්‍රශ්නේ,සුපිරි හතරේ තරඟ දවසට එකක් විතරක් තියන නිසා අපි හිතනවා වේලාසනින් ප්‍රේක්ෂකයෝ ඇවිල්ල තරඟය ඉවර වෙනකන් ඉඳල හොඳ විනෝදයක් ලබයි කියල,මේක රුපවාහිනියෙන් තරඟ නරඹන අයටත් හොඳ පුවතක් වෙයි,”

අපි ගැන සිතා ipl සංවිධායකයන් ගත් තීරණය නිසා කණ්ඩායම් හිමි කරුවන්ට පළමු පැය තරඟය නැරම්බීමට නොහැකි වනවාද යන්නත් අපිට ඉදිරියේදී නැරඹිය හැකි අතර,අවසාන හතරේ පළමු තරඟය එළඹෙන 22 පැවැත්වෙන අතර දෙවන තරඟය 23ත් තෙවන තරඟය 25ත් පැවැත්වෙන අතර 2018 IPL ශුරයන් තීරණය වන්නේ 27 පැවැත්වෙන තරඟයෙනි.

About lanka

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!