Breaking News
Home / දේශීය පුවත් / IOC එක තෙල් මිල වැඩි කරන්න ඉල්ලද්දී. සංස්ථාව ලාභ ලබපු හින්ද තෙල් මිය අඩු කරන්න යනවලු.

IOC එක තෙල් මිල වැඩි කරන්න ඉල්ලද්දී. සංස්ථාව ලාභ ලබපු හින්ද තෙල් මිය අඩු කරන්න යනවලු.

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

සංස්ථාව එම තීරණය ගෙන ඇත්තේ අද රැස්වූ සමාලෝචන කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ඛණිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ ලාභ ලැබීය. සැප්තැම්බර් මස ලාබය රුපියල් මිලිය 9000 ඉක්මවීය.

වත්මන් ආණ්ඩුව යටතේ තෙල් සංස්ථාව මෑත ඉතිහාසයේ පළමු වරට ලාභ ලැබිම නිසා එහි වාසිය ජනතාවට ලබා දීමට යන බව වාර්තා වෙනවා.

ජනාධිපති – අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධි ප්‍රතිපත්තිය යටතේ ගසා කෑම් වලින් තොරව ඛනිජ තෙල් නීති ගත සංස්ථාව පවත්වා ගෙන යෑම නිසා එවැනි තත්වයක් උද්ගත වූ බවයි සංස්ථා ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!