Breaking News
Home / දේශීය පුවත් / IMF, යුරෝපා සංගමය, මානවහිමිකම් කවුන්සිලය, ලෝක බැංකුවෙන් වුනත් සැනින් ඉවත් වනවාද – එජාපය විමසයි

IMF, යුරෝපා සංගමය, මානවහිමිකම් කවුන්සිලය, ලෝක බැංකුවෙන් වුනත් සැනින් ඉවත් වනවාද – එජාපය විමසයි

රණවිරුවන්ට පීඩනයක් එල්ල කළහොත් ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සුදානම් යැයි 11 වන රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව හිටපු එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන ජාතික පුවත් පතකට අදහස් දක්වමින් විමසා තිබෙනවා.

ශ්‍රී ලංකාව දැනට සමීප සබදතා පවත්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජගත් මානව හිමිකම් සංවිධානය, ආසියා සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරන අවස්ථාවක ජනාධිපතිවරයා සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කලේ මෙයින් කුමන සංවිධානයකින් දැයි වහා රටට කිව යුතු බවද වජිර අබේවර්ධන පවසනවා.

යුරෝපා සංගමය සමඟ තිබෙන සබදතා වලින් ඉවත් වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් එම රට වලට අලෙවි කිරීමට කිසිඳු ඉඩක් නොලැබෙන අතර මත්ස්‍ය අපනයනයද මුළුමනින්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම හැර මානව හිමිකම් කඩවීම පිළිබඳව අනෙක් සියලු නඩු සියල්ලක්ම ජාත්‍යන්තරයේ සහ මෙරට අධිකරණ වල පවරා ඇත්තේ එවකට විපක්ෂයේ සිටි හා දැනට ආණ්ඩු බලයේ සිටින කණ්ඩායම විසින් බවද වජිර අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින්

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!