අද උදැසන සිට මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව අන්තර්ජාල පහසුකම් සිමා කර තිබෙනවා. ඒ අනුව 3G 4G පහසුකම අවහිර කර තිබෙනවා.
තවද ෆේස්බුක් ඇතුළු සමාජ ජාල කිහිපයක් අවහිර කර තිබෙන්නේ ඒ තුලින් ජාතිවාදය ඇවිස්සෙන අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන්.
දහවල් වන විට ලංකාව පුරා ෆේස්බුක් සමාජ ජාලය ක්‍රියා විරහිත වෙමින් යනවා. මෙය නිල වශයෙන් විදුලි සංදේශ හා නියාමන කොමිසන් සබාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහෙත් එහි සදහන් වන්නේ මන්දගාමී කල බවයි. එහෙත් ෆේස්බුක් වලට අමතරව වට්ස් ඇප් වයිබර් වැනි ඇප් ද අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ ජාලා වලින් බොහෝ බොරු ප්‍රචාර අන්තවාදී හා බල ලොබි පිරිස් පැතිරවීම හා ඒවාට ගොදුරු වන්නන් ප්රචණ්ඩ ලෙස හැසිරීම මෙම සිද්දියට හේතුවී තිබෙනවා. සමාජ ජාලා වල මධ්‍යස්ත පිරිස් හා වෙබ් අඩවි හා පිටු මේ තත්වය ඇතිවීම කලින් වටහාගෙන තම පාඨකයන්ට දැනුම් දුන්නේ ජාතිවාදී ප්‍රකාශ සමාජ ජාල තුල පතුරුවන්නට කටයුතු නොකරන ලෙසයි.
එහෙත් සමහර පිරිස් ව්‍යාජ ගිණුම් මගින් පැමිණ ප්රචණ්ඩත්වය ඇතිවෙන ජාතිවාදී ප්‍රකාශ දිගින් දිගටම සිදු කල අතර එය බලා සිටින අනෙක් පුද්ගලයින් ඒවාට සහයෝගය දීම අනතුරක් බව නිතර දැනුවත් කළා. නමුත් මේ වන විට අන්තවාදී හා පටු අරමුණු සහිත පිරිසගේ උසිගැන්වීම් මත රටේ තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් මත මෙම සමාජ ජාල අවහිර කර ඇති බවයි අපට වැටහී යන්නේ.
සියලු ජාතින් ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයක් ලෙසයි අපට දැඩිව අවධාරණය කරන්නට ඇත්තේ. මෙහි පසුපස බල ලෝබින්ගේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි.