Breaking News
Home / Video / BPL ශුරතාව තිසරගේ කණ්ඩායමට. තරංගගේ ආරම්භය ඩකා කණ්ඩායමට මදි වෙයි තරංග BPL තරග 4 න් 3 කම දස්කම්. අවසන් තරගයේ පන්දු 28 න් ලකුණු 48 ක්

BPL ශුරතාව තිසරගේ කණ්ඩායමට. තරංගගේ ආරම්භය ඩකා කණ්ඩායමට මදි වෙයි තරංග BPL තරග 4 න් 3 කම දස්කම්. අවසන් තරගයේ පන්දු 28 න් ලකුණු 48 ක්

BPL 2018/2019 කොටසේ ශුරතාව දිනාගන්නට කොමිල්ලා වික්ටෝරියන්ස් සමත්වුනා. ඒ දෙවන වරටයි. පළමුව පන්දුවට පහර දුන් කොමිල්ලා කණ්ඩායම ලකුණු 199/3 ලබා ගත් අතර තමීම් ඉක්බාල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. හයේ පහර 11 හතර 10 සම්ජග පන්දු 61 න් ලකුණු 141 ලබා ගැනීමට ඔහු සමත්වුනා. නරායන් පමණක් පන්දුවාර 4 ලකුණු 18 කට යැවූ අතර අනෙක් සියල්ල ප්‍රහාරයකට ලක්වුනා. කෙසේවෙතත් මෙම කණ්ඩායමට සහිඩ් අෆ්රිඩි වහබ් රියාස් සහ ලංකාවේ තිසර පෙරේරාද ඇතුලත් වුනත් ඒ කිසිවකු පන්දුවට පහර දුන්නේ නැ.

පසුව පියාට පැමිණි ඩකා කණ්ඩායමේ ආරම්භය සුබ නොවූ අතර පළමු කඩුල්ල ලකණු 1 දී දැවී ගියත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලංකාවේ උපුල් තරංග සහ රොනී සමග 101 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර තරංග 9 වන පන්දුවාරයේදී ලකුණු 48 කට දැවී ගියා. ඒ වන විට තරගයට අවතීර්ණ වී සිටි ඩකා කණ්ඩායම ජයග්‍රහණය කරා යමින් සිටියත් ලග ලග කඩුලු දැවී ගිය නිසා ලකුණු 17 කින් පරාජයට පත්වීමට ඩකා කණ්ඩායමට සිදුවුවා. තරංග ලකුණු 48 ලබාගත්තේ පන්දු 27 කින් වන අතර එයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුලත්.

තිසර පෙරේරා පන්දුවාර 4 යි ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත් අතර උපුල් තරංග දවා ගත්තේද තිසර විසින් වීම විශේෂත්වයක්. ඩකා කණ්ඩායමේ ෂකිබ් අල් හසන් පොලාඩ් රසල් වැනි ප්‍රභල ක්‍රීඩකයින් සිටියත් ඔවුන් ලකුණු අතරට පැමිණියේ නැ. තරගයේ වීරයා වුයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ලකුණු 141 ලබාගත් තමිම් ඉක්බාල් වන අතර තරගාවලියේ වීරයා වුයේ ෂකිබ් අල් හසන්. විශේෂයෙන් උපුල් තරංග පිළිබද අප කතා කල යුතු අතර ඔහු අයර්ලන්ත ඒ එක්දින තරගාවලිය අවසන් වී අවසන් bpl තරග කිහිපයකට සහබාගිවුයේ. විශේෂයෙන් අවසන් පුරව තරගයට ඒමට අවස්තාව ලැබුනේ තරංගගේ වේගවත් අර්ධශතකය සමගයි.

ඔහු මෙම තරගාවලියේ 42, 51, 4, 48 වශයෙන් ලබා ගත්තා. එසේම අයර්ලන්ත තරගාවලියේ තරග 5 දී ශතක 2 ක් හා අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වුනා. නමුත් දකුණු අප්‍රිකා එක්දින තරගාවලියටවත් ලෝක කුසලාන සන්චිතයටවත් මොහු සුදුසුකම් ලබාවිද යන්න අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. ඒ හතුරුසිංහ ඔහුගේ කොල්ලා වන මෙන්ඩිස්ගේ ස්ථානය වෙනුවෙන් දිගටම තරංග කපමින් සිටින නිසා. තරංග යනු වසර 15 පමණ ක්‍රිකට් ක්‍රීඩා කලත් කාලෙන් කාලෙට කුමන හෝ අමනයෙක්ගේ පුද්ගලික කැපිල්ලකට හසුවන අයෙක්.

කලක් ඩිල්ශාන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් පසුව මැතිව්ස් හා සනත්ගේ පුද්ගලික උවමනා මත කැපී ගිය අතර මේ වන විට හතුරුසිංහගේ කැපිල්ලට හසුවී සිටි. දේශීය හා වෙනත් පළමු පෙළ තරග දස්කම් අනුව අනෙක් ක්‍රීඩකයන් කණ්ඩායමට ගත්තත් තරංගව එම තෙරිම්වලට හසුනොවිම හාස්‍යට කාරණයක්.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!