Breaking News
Home / දේශීය පුවත් / BMICH එකට කතුරක් අරන් යන්න හදපු සැකකරුවකු නැවත ජනාධිපති බින්ගිරියට ගිය උත්සවයකදී නැවත සැක පිට ආරක්ෂක අංශ අල්ලයි

BMICH එකට කතුරක් අරන් යන්න හදපු සැකකරුවකු නැවත ජනාධිපති බින්ගිරියට ගිය උත්සවයකදී නැවත සැක පිට ආරක්ෂක අංශ අල්ලයි

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ ඊයේ (28) පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ උත්සව කටයුතුවලට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජනාධිපති ආරක්ෂක අංශ විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියෙකු විසින් ජනාධිපති ආරක්ෂක අංශයට ලබා දුන් තොරතුරක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ මීට පෙර පැවැති උත්සවයකටද සැකකරු කතුරක් රැගෙන ඇතුළුවීමට උත්සහ කළ අයෙක් බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කොළඹ සිට තමන් බිංගිරියට පැමිණි හේතුව සැකකරු මෙතෙක් පොලීසියට හෙළි කර නැහැ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!