Breaking News
Home / දේශීය පුවත් / 96 ක් එකතුවෙලා ජනාධිපති හදන්න යන්නේ කලගුණ අමතක කරලා නරකාදියේ ආණ්ඩුවක්ද? හොර වැඩ 8 වෙනිදට හෙලිකරගමු – අජිත් පි පෙරේරා

96 ක් එකතුවෙලා ජනාධිපති හදන්න යන්නේ කලගුණ අමතක කරලා නරකාදියේ ආණ්ඩුවක්ද? හොර වැඩ 8 වෙනිදට හෙලිකරගමු – අජිත් පි පෙරේරා

96 එක පෙළට හිට ගන්නවානම් ආණ්ඩුවක් හදන්න.එහෙම හදන ආණ්ඩුවක ආණ්ඩු පක්‍ෂ රැස්වීම රැස්වෙන්න වෙන්නේ පොළොව පලාගෙන ගිහින් අවීචිමහා නරකාදියේ තමයි.අවීචිමහා නරකාදියේ රැස්වෙන රැස්වීමේ මුලසුන ගන්න වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට.අපි පත් කරපු ජනාධිපති එතුමා,අපේ ජනාධිපතිතුමා පොඩි පටලැවිල්ලක් කරගෙන පක්‍ෂ නායකකම එකක්.රටේ නායකකම එකක්.අපි විශ්වාස කරනවා රටේ නායකයා විදිහට වගකීම් ඉටුකරයි කියල.රටේ නායකයාගේ භූමිකාවෙන් මේ මැතිවරණයේදී 3වන,4වන ස්ථානයට පත්වන පුංචි පක්‍ෂයක නායකයෙක්ගේ භූමිකාව මේ වෙලාවේ රඟපානවා. පාර්ලිමේන්තුව උත්තරීතරයි.පාර්ලිමේන්තු කටයුතු හැමදේටම වඩා ප්‍රමුඛයි.පාර්ලිමේන්තුව රැස්වෙලා රහසිගත සාකච්චා තියන්න බැහැ.මාධ්‍යයට ප්‍රවේශ තියෙන්න ඕන.එක පෙළට හිට ගන්න සූදානම් වන කණ්ඩායමේ 96 දෙනා අතරේ ඉන්න අයගේ විස්තර හෙළිදරව් කරන්නත් අපිට අවස්ථාවක් ලැබෙනවා.අපි බය නැති නිසා අගමැතිතුමා පාර්ලිමේන්තුව කැඳවන්නේ.විවාදයට අපි ලෑස්තියි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා

About lanka

Check Also

කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!