Breaking News
Home / දේශීය පුවත් / 95 දී දැන් වගේම පැරදුනා. 96 දී ලෝකශූරවුනා මං සැලැස්මක් හැදුවා. ඒක අද ඉන්න කෙනා හදන්න ඕන.

95 දී දැන් වගේම පැරදුනා. 96 දී ලෝකශූරවුනා මං සැලැස්මක් හැදුවා. ඒක අද ඉන්න කෙනා හදන්න ඕන.

ආනා පුංචිහේවා කියන්නේ 1996 ලෝක කුසලානය ජයගත් අවස්ථාවේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති. ඔහු ලෝක කුසලාන ජය අරන් දින ගානක් යද්දි ඔහුවත් නොදැන තනතුරෙන් ඉවත් කරලා හොරු රංචුව එකතුවෙලා ජයන්ත ධර්මදාස පුටුවේ ඉන්දවනවා.

ප්‍රශ්නය – 96 ජයග්‍රාහී මාවතට ආපු කණ්ඩායම අද පරාජය වැලදගෙන. ඔබට මෙය දැනෙන්නේ කොහොමද?

දැන් ඉන්න තත්වයම තමයි 1994 කණ්ඩායම හිටියේ. එදා ඉන්දියාව එක්ක ගහපු ටෙස්ට් තරග තුනම පැරදුනා. ඒක ලෝක වාර්තාවක්. ඒත් දින ගනන ගත්තොත් මේ පාර පරාජය දරුනු එකක්. 95 දි සභාපති වෙලා නායකත්වය දීපු කණ්ඩායම තමයි නවසීලන්තයට ගිහින් ප්‍රථම වතාවට ලංකාවෙන් පිට ටෙස්ට් ජයක් ලැබුවේ.

ප්‍රශ්ණය – එදා වැටුන කණ්ඩායම ගොඩගන්න ඔබ කල ප්‍රාථිහාරය මොකද්ද?

සැලැස්මක් හදලා ඉලක්කයක් දීලා නායකත්වයත් දුන්නා. නවසීලන්ත ජයෙන් පසු වට්මෝර් පුහුණුකරු ලෙසත් ඇලෙක්ස් කොන්ටෝරි භෞත චිකිත්සක ලෙසත් බදවගත්තා. එදා පකිස්තානය පරද්දලා තුනෙන් දෙකක් ලෙස තරගාවලිය ජය ගත්තා. පස්සේ සාජා සහ ඕස්ට්‍රේලියන් තරගාවලියත් ජය ගත්තා. එදා මේ වගේ තරග නෑ කිව්වට ලෝකකුසලානයට පෙර හොදටම කාර්යබහුල වුනා. නැත්තේ අයි.පී.එල් විතරයි. එහෙම දිගටම හැහුවා කියලා ආබාද ආවේ නෑ. ඇලෙස්ක් කොන්ටෝරි ගෙනාපු එකට රොශාන් පවා ප්‍රශංසා කලා.

ප්‍රශ්නය – එදා ක්‍රීඩා කල අයගේ බඩ තිබුනා නේද? එයාලා නම්‍යශීලීව ක්‍රීඩා කලේ කොහොමද?

ක්‍රිඩාවට එද්දි කෙට්ටුවෙලා පස්සේ බඩ ආපු අය කවුරුත් එදා හිටියේ නෑ. බඩ තිබ්බ දෙතුන් දෙනෙක් හිටියා. ඒත් ඇලෙක්ස් කලේ එකෙකිනෙකා වෙනම හදුනාගෙන ගැලපෙන එක්සයිස් දෙන එක. පුහුණුවීම් දුන්නේ සැලැස්මකට. එයාලා ආබාද වලට ලක්වුනේ නෑ. 96 කණ්ඩයමයි අද කණ්ඩායමයි බලන්න එදා අයට වඩා අද අයගේ බඩ වැඩි.

ප්‍රශ්නය – ඔබ කියන්නේ පැරදුනේ බඩ වැඩි නිසාද

පේන විදියටනම් ෆිට්නස් මදි. වයස 19 කෙනෙක් ටීම් ආවා. එයාගේ වයසට වඩා බඩ වැඩි. ඒක තේරුම් කමිටුවේ ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්ණය – හරි ඔබේ තියුනු දැක්ම අනුව මේකෙන් ගොඩ එන්නේ කොහොමද?

ඒකට ඇත්තටම නායකත්වයක් දෙන්න ඕන. පරිපාලනයේ ප්‍රධානියා ඒ. දැක්මක්, සැලැස්මක්, නායකත්වයක් දෙන්න ඕන. කණ්ඩායමේ තේමාව වෙලා තියෙන්නේ එක ජාතියක් එක කණ්ඩ්ඩයමක්. ඒත් නිතර පුහුණුකරු නායකයා ක්‍රිඩකයෝ මාරු කරන එක අනුවන ක්‍රියාවක්. මම නායකත්වය දුන්නේ 2000 ලෝකයේ හොදම කන්ඩායම යන තේමාව යටතේ. ඉලක්කයක් දැක්මක් සැලැස්මක් නැතිව ඉදිරියක් ජයග්‍රහනයක් නෑ.

Lankadeepa

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!