Breaking News
Home / දේශීය පුවත් / 94 දී චන්ද්‍රිකාට වැඩිපුර හිටියේ එක මන්ත්‍රීයි. මං ආපහු චන්දෙකට යමු කිවේ නැ පාඩුවේ විපක්ෂේ වාඩිවුනා. එක රැයෙන් අගවිනිසුරු ගෙදර යැවූ අය අද ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා – රනිල්

94 දී චන්ද්‍රිකාට වැඩිපුර හිටියේ එක මන්ත්‍රීයි. මං ආපහු චන්දෙකට යමු කිවේ නැ පාඩුවේ විපක්ෂේ වාඩිවුනා. එක රැයෙන් අගවිනිසුරු ගෙදර යැවූ අය අද ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා – රනිල්

පාර්ලිමේන්තුවේ සුළුතරයක් සිටින කොටසට ආණ්ඩු බලය දීමට නොහැකි බව පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තීරණය කර තිබෙනවා යයි ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමින් අගමැති රනිල් පවසා සිටියා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා 1994 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එක් මන්ත්‍රීවරයෙක් වැඩි පුර සිටියා. ඊට ගරු කර මා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා.2004 වසරේ මැතිවරණයෙන් පසුවත් අප පරාජය පිළිගෙන ඉල්ලා අස්වුණා.

බහුතරයක් නැතිනම් ඡන්දයකට යනවාද? තව කෙනෙකුට අවස්ථාව දෙනවාද යන කාරණය අප තීරණය කර තිබෙනවා. දැන් පවතින ව්‍යවස්ථාව අනුව ඡන්දයකට යා හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් එකඟ වුවහොත් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැකිද යන ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුනෙන් දෙකේ බලයක් තිබෙනවා නම් පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ඒ නිසා අද අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශාල කීර්තියක් ලැබී තිබෙනවා.කෝ වොරන්ට් මෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික තීන්දුවක් ලෙස ප්‍රකාශ වී තිබෙනවා. මේ සියල්ල සිදුවූයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් වූ නිසයි. 19 සංශෝධනය යටතේ ඒ වැඩ කටයුතු සිදුකර තිබෙනවා. අප බලාපොරොත්තු වූ පරිදි සාධාරණය ඉටු වී තිබෙනවා.අගවිනිසුරුතුමිය එක් රැයකින් ඉවත් කළ යුගයක් තිබුණා. ඒ අයමයි නීති විරෝධිව අගමැතිකම් කොල්ල කෑවේ වගේම නිතිවිරෝධිව මැතිවරණයක් ප්‍රකාශයට පත්කළේ.

“ඔබතුමන්ලාට ස්තූතිතිවන්ත විය යුතුයි. ඔබතුමන්ලා අපට දුරකතනයෙන් කතා කරන්නේ නැතැයි” මට විනිශ්චයකාරවරුන් කියනවා. “අපට ඒ කාලේ ලොක්කෝ කතා කරනවා. අපෙන් නඩු ගැන අහනවා. නඩුවලට කරන්නේ කුමක්දැයි අහනවා. නඩුවල තීන්දු මෙහෙම දුන්නොත් උසස්වීමක් දෙන බව කියනවා. අද ඒ එකක්වත් නැතැයි” විනිසුරුවරුන් පවසනවා යයි අගමැති වරයා පවසා තිබෙනවා.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!