Breaking News
Home / දේශීය පුවත් / 9 වසර ගණිතය පෙළපොතේ ඉතිහාසය පාඩම් ළමයින්ට පොතක් හරියට ගහල දෙන්න බැරි රජේ සේවයේ පින්බතාලා

9 වසර ගණිතය පෙළපොතේ ඉතිහාසය පාඩම් ළමයින්ට පොතක් හරියට ගහල දෙන්න බැරි රජේ සේවයේ පින්බතාලා

කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් අතට පත්වූ 9 ශ්‍රේණිය ගණිතය පෙළපොතට ඉතිහාසය පාඩම් ඇතුළු වී ඇති බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වීමත් සමඟ එම සිදුවීම පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට නියෝග කොට තිබෙනවා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා මුද්‍රණය කෙරෙන සියලුම පෙළ පොත් පිළිබඳව නියැදි පරීක්ෂාවක් සිදු කෙරෙන අතර එවන් පසුබිමක් තුල අදාළ දෝෂ සහිත පෙළපොත් දරුවන් අතට පත්වූයේ කෙසේදැයි වහාම සොයා බලන ලෙසයි, අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. එමෙන්ම අදාල පෙළපොත් මුද්‍රණය සිදුකළ මුද්‍රණ ආයතනයෙන්ද මේ සම්බන්ධව නිදහසට කරුණු විමසන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවැනි අතපසුවීම් සහ දෝෂ සහගත තත්වයන් හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්වන බවත් එය අධ්‍යාපන අමාත්‍යංශයේ කීර්තිනාමයටද හානියක් වන බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ පිළිබඳව කරුණු සොයා බලා දෝෂ සහගත පෙළ පොත් වෙනුවට නව පෙළපොත් ලබා දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නියෝගකොට තිබෙනවා.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!