Breaking News
Home / දේශීය පුවත් / 89 අතුරුදන් වුවන් ගැන කියන්න ජිනීවා ගිය මහින්ද අද හමුදාවේ 5100 ක් ඇතුළු අතුරුදන් වුවන්ගේ දුක්ගැනවිලි හොයන්න යද්දී ජාතිවාදය අවුස්සනවා – මංගල

89 අතුරුදන් වුවන් ගැන කියන්න ජිනීවා ගිය මහින්ද අද හමුදාවේ 5100 ක් ඇතුළු අතුරුදන් වුවන්ගේ දුක්ගැනවිලි හොයන්න යද්දී ජාතිවාදය අවුස්සනවා – මංගල

මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතුරුදන් වුවන්ගේ කාර්යාලය පිළිබද දේශපාලන වාසි ගැනීමට කරන කටකතා පිළිබද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි උපුටා ගැනීම පහතින්.

වසර 1990 දී දියත් කළ මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරුවන් වුයේ රාජපක්ෂ මහතා සහ මම(අමාත්‍ය මංගල) ය.මෙය දකුණේ අතුරුදන් වූ ළමුන් සෙවීම උදෙසා ආරම්භ කළ ව්‍යාපාරයක් වූ අතර මෙකී සංවේදී මාතෘකාව වටා දේශනාවක් සිදුකිරීමට එම ව්‍යාපාරය මහත් බලපෑමක් ඇතිකළේ ය.

පශ්චාත් යුධ ප‍්‍රචණ්ඩත්වයට වසර කීපයකට පෙර 70 සහ 80 දශකවල JVP කැරලි සමයේ සිට අපි බොහෝ ගැටුම්වලින් පීඩාවිඳ ඇත්තෙමු.මෙම සාහසික අපරාධවලට එරෙහිව දුක්ඛප‍්‍රාප්තියෙන් කථාකළ හඬවල් හදිසියේම ඔවුන්ගේ එකී හෙඬේ ස්වරය වෙනස් කිරීමට පටන් ගත්හ. එලෙස හඬනැගූ පුද්ගලයෝම බලාපොරොත්තු රහිත ලෙස තම කඳවුරු වෙනස් කරමින් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ප‍්‍රහාර එල්ල කළ අතර ඒවා මෙහෙයවන ලැබුවේ රාජපක්ෂ මහතා ගේ පාර්ශවය විසිනි.

1989 දී මේ කාරණය රාජපක්ෂ මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඔවුන් සම්බන්ධ ලේඛන සහ තොරතුරු රැගෙන යන අවස්ථාවේ ඔහුව ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමට හේතුවූ අතර එතුමා සටන් වැදි එම කාරණයම ඔහුගේ කඳවුර විසින් අද දින රණවිරුවනට පහර ගසන ව්‍යාපාරයක් ලෙස ආලේඛනය කර තිබේ.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය එක් ප‍්‍රජාවකට පමණක් ප‍්‍රතිලාභ ගෙනදී තවත් ප‍්‍රජාවකට තර්ජන කිරීමට අරමුණුකර නොමැත. එය හුදෙක් සත්‍ය සෙවීමේ ක‍්‍රියාදාමය කි.රතු කුරුස සංවිධානය පවසන ආකාරයට සිවිල් යුද්ධය පැවැති කාලසීමාව තුළ පුද්ගලයින් 16,000 පමණ අතුරුදන්වී තිබේ. ඉන් 5100 පමණ හමුදා අංශවලට අයත් සෙබලූන් වේ.

අපගේ රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතීය මඟින් කටයුතු කිරීමේ අරමුණින් මෙය පිහිටුවා ඇතැයි පතුරුවා ඇති මිත්‍යා මතය සම්පූර්ණ අසත්‍යයකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකළ වරදකරුවන්ට එරෙහි අභිචෝදනා

අපගේ රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතීය මඟින් කටයුතු කිරීමේ අරමුණින් මෙය පිහිටුවා ඇතැයි පතුරුවා ඇති මිත්‍යා මතය සම්පූර්ණ අසත්‍යයකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකළ වරදකරුවන්ට එරෙහි අභිචෝදනා ගොනු කිරීමට අතුරුදන්වූවන් ගේ කාර්යාලයට හැකියාවක් නොමැත.

සාමය හා සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් මෙම රජය ගෙන ඇති අවංක හා සාධාරණ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට එසේ කටකථා පතුරුවන ලද්දේ යම් යම් දේශපාලන මෙහෙයවීම් විසිනි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය යනු ගැටුම් කාලසීමාවේ දී අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල් සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීම සඳහා හා අනාගතයේ දී ඔවුන්ගේ එකී දුක්ගැනවිලි යහපත් ලෙස පිරියම් කිරීම උදෙසා පිහිටුවන ලද කාර්යාලයක් පමණි.

මෙකී පියවර අප රටේ හා ජාතියේ සාමය හා ස්ථාවරත්වයට යම් දිනෙක බලපෑම් එල්ලවිය හැකි නව ප‍්‍රවණතාවේ ත‍්‍රස්තවාදය මෙරට බිහිවීමේ ඉඩකඩ ද වලක්වනු ඇත.

උපුටා ගැනීම අවසන්

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!