Breaking News
Home / දේශීය පුවත් / 5000 කට එකවර ඉන්න පුළුවන් 3000 ක වාහන නැවතුම් තියන හෙක්ටයාර් 85 කොල්ලුපිටිය දෙහිවල දක්වා මුහුදු තිරය සංචාරක කලාපයක් කරන්න යයි

5000 කට එකවර ඉන්න පුළුවන් 3000 ක වාහන නැවතුම් තියන හෙක්ටයාර් 85 කොල්ලුපිටිය දෙහිවල දක්වා මුහුදු තිරය සංචාරක කලාපයක් කරන්න යයි

කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුදු වෙරළ සංවර්ධනය කර වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300 කට (රුපියල් බිලියන 47 ක්) ආයෝජනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ පවසනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 85 ක වෙරළ තීරයක් ගොඩකරීමට සැළසුම්කර ඇති අතර ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ශක්‍යකා වාර්තාව සකස් කිරීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට මාස 6 ක කාලයක් ලබාදී තිබෙනවා.

එසේම පරිසර බලපෑම් තක්සේරු අධ්‍යයනයද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.‍

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ලෙස මෙම සංවර්ධන කටයුතු කිරීමට ඇස්තමේන්තුගත කර ඇති අතර ආයෝජනයක් සඳහා ඩොලර් මිලියන 300 කට අධික මුදලක් වැය වන බවයි සදහන් වන්නේ.

විනෝදාස්වාද ක්‍රියාකරකම් වලින් යුත් ලෝක‍යේ කීර්තිමත් වෙරළ තීරයක් ලෙස මෙම ප්‍රදේශය දහස් ගණන් නරඹන්නන් ආකර්ෂණය කරගැනීම බලාපොරොත්තුව බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.ඊ.සී.ජයකෝඩි මහතා ප්‍රකාශ කළේ.

50,000 ක් පමණ පිරිසකට එකවර පහසුකම් සැපයිය හැකි ආකාරයට නිර්මාණය කරන මෙම වෙරළ උද්‍යානය තුල වාහන 3,000 ක් පමණ ඇතුලත් කල හැකි බවයි සඳහන් වන්නේ.

එසේම වසර පුරාම ජල මට්ටම පාලනය කළ හැකි අතර මුහුදු වෙරළට පැමිණෙන අමුත්තන් සඳහා විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර අැතිබව සඳහන්.

ශක්‍යතා අධ්‍යයන කටයුකු සම්පූර්ණ වූ වහාම ලබන වසරේ ජනවාරි මස වන විට කෘතිම වෙරළ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ලන්සු කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!