Breaking News
Home / ක්‍රිඩා / 40 වෙනකම් ඉන්න ටීම් එකට ගන්නම් කියලද මට ලැබරෝයි කියන්නේ මේ කමිටුව මට එක තරගයක්වත් දුන්නේ නැ – මාලිංග හා ලබ්බා නැවත ඇවිලෙයි

40 වෙනකම් ඉන්න ටීම් එකට ගන්නම් කියලද මට ලැබරෝයි කියන්නේ මේ කමිටුව මට එක තරගයක්වත් දුන්නේ නැ – මාලිංග හා ලබ්බා නැවත ඇවිලෙයි

T20 ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා කිසිම ක්‍රීඩකයෙකු කඩුලු 100 සීමාවට පැමිණෙන්නට හැකියාවක් ලැබී නැත.වැඩිම කඩුලු ලාබියා වන අෆ්රෙඩ් කඩුලු 97ක් ලබාගෙන තිබෙන අතර ඔහු මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදී තිබෙන නිසා ඔහුට T20 ඉතිහාසයේ කඩුලු 100 සීමාව පසු කරන්නට අවස්තාව නොලැබෙනු ඇත.පන්දු යවන්නන් අතර කඩුලු 90 ක් ලබාගෙන දෙවන තැන සිටින ලසිත් මාලිංග T20 කඩුලු 100 පසුකල පළමු පන්දු යවන්නා වීමේ අපේක්ෂාවෙන් සිටියද ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන අහිමිවීම මාලිංගට මේ කඩයිම පසු කරන්නට ඇති ප්‍රධානම භාදකය වී ඇත.

Image result for lasith malinga laughing

නිදහස් කුසලානයට පෙර පැවති බංගලාදේශ තරඟාවලියේ මාලිංගට කණ්ඩායමේ තැන අහිමි වෙද්දී ක්‍රිකට් බලධාරීන් පැවසුවේ නිදහස් කුසලානය ඉලක්ක කරමින් මාලිංග විවේක ගන්වනවා කියාය.ඉන් පසුව නිදහස් කුසලාන තරඟාවලියට සංචිතය නම් කරන්නට පෙර ක්‍රිකට් තේරීම් කමිටුව පවසා තිබුනේ දේශීය තරඟාවලියට ක්‍රීඩා කර දක්ෂතා පෙන්නුව හොත් මාලිංගට අවස්තාවක් ලබා දිය හැකි බවය.මාලිංග මේ වන විට දේශීය T20 තරඟාවලියේ තරඟ 6 කදී කඩුලු 13ක් දවා ගන්නා මාලිංග එක පන්දු වාරයකට ලකුණු 6.50 ක් පමණ අඩු ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.

නමුත් දේශීය T20 තරඟාවලියේ දක්ෂතා පෙන්නුවද මාලිංගට නිදහස් කුසලානය වෙනුවෙන් නම් කල පළමු 20 දෙනා අතරවත් නැති වීම ගැන මාලිංගට තිබුනේ දැඩි කලකිරීමකි. ඔහු ඒ සම්බන්දයෙන් පවසා තිබුනේ තමා වයස 40ක් වන විට ක්‍රීඩා කරවීමේ අපේක්ෂාවක් මෙම තේරීම් කමිටුවට ඇත්දැයි තමාට ප්‍රශ්නයක් ඇති බවය.

“මට අහන්න ලැබුන ලැබ්රෝයි කියල තිබුන කියල,මම එයාලගේ සැලසුම් වලින් අයින් කරලා නෑ කියල,මට තියන ප්‍රශ්නය තමයි මම අවරුදු 40 දී ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරවන්නද එයාලගේ සැලසුමේ තියෙන්නේ කියල.”

මාලිංග දේශීය T20 තරඟාවලියේ හොඳ දක්ෂතා පෙන්වන විට ලැබ්රෝයි පවසා තිබුනේ 2019 ලෝක කුසලාන තරඟාවලියේ සැලසුමේ මාලිංග ද සිටින බවය.

“මට තියන ප්‍රශ්නය තමයි,මේ තේරීම් කමිටුව ආවට පස්සේ මට කිසිම අවස්තාවක් ලැබිල නෑ.මට කිසිම අවස්තාවක් දෙන්නේ නැතුව මම සුදුසු නෑ කියල හිතන්නේ කොහොමද කියන එක තමයි මට හිතාගන්නත් බැරි දේ.”

මාලිංග වැඩි දුරටත් පවසා ඇත්තේ තමාට එක්දින තරඟවල අවස්තාවක් ලැබෙනු ඇතයි තමා නොසිතන බවත් T20 තරඟවල තමාට තවමත් ක්‍රීඩා කිරීමට හැකි බව තමා සිතන බවත් මාලිංග පවසා ඇත.මාලිංග T20 කඩුලු 100 වෙත යනතුරුවත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්තාවක් ලැබිය යුතුද

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!