Breaking News
Home / විදෙස් පුවත් / 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ. අමරිකාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වී අවුරුදු 16 යි

3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ. අමරිකාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වී අවුරුදු 16 යි

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ අල්-කයිඩා ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ 9/11 ප්‍රහාරයට වසර 16ක් සපිරෙන ඒ අඳුරු දිනය අදයි.

සැප්තැම්බර් 11 ප්‍රහාර යනු 2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවයි.

එදින උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන්යානා හතරක් අතරමගදී පැහැරගන්නා ලදී.

ඉන්පසු මේවයින් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු නිවුන් කුලුනු වල ගැටීමට සලස්වන ලදී. තවත් එක් ගුවන්යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩාවැදීමට සලස්වන ලදී. ඉතිරි අනෙක් ගුවන්යානයද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී, මගීන්ගේ කලහකාරී හැසිරීම නිසා පාලනය කරගත නොහැකිව, අතරමගදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට කඩා වැටිණි.

මෙම සමස්ථ ප්‍රහාර මාලාවෙන්ම 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය වේ. එහි වීඩියෝව පහතින් නරබන්න

About article14

Check Also

බදුර්දීන් ඒ කාලේ හිගන්නා දැන් සල්ලිකාරයා ගම්වාසින්ගෙන් හෙළිවෙයි. 1990 ට පෙර පදිංචි කතාව හා ඇත්ත හොයන්න රන්ජන් විල්පත්තු යයි. පවුලකට අක්කර බාගයයි

රන්ජන් සිදුවන ක්‍රියාවලිය දැකගන්න මාධ්‍යවේදීන් සමග ගිය ගමනක් පහත ඇත. එහිදී කාරනා කිහිපයක් මතුවෙයි. ඉන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!