Breaking News
Home / දේශීය පුවත් / 27 ඇරබෙන පකිස්ථාන එක්දින හා 20 20 තරග වලින් මාලිංග දිමුත් ඇතුළු 10 ඉවත්වේ

27 ඇරබෙන පකිස්ථාන එක්දින හා 20 20 තරග වලින් මාලිංග දිමුත් ඇතුළු 10 ඉවත්වේ

මේ මස අගදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්වීම පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා.එම සංචාරයේදී එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර එම තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුනේ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතරයි.එහිදී මෙම සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙකු එක් නොවීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා,.

ඔවුන් එම තීරණයට පැමිණ ඇත්තේ එරට පවතින ආරක්ෂක තත්වය ප්‍රමාණවත් නොවන බව පවසමින් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙලෙස එළඹෙන පාකිස්ථාන තරඟ සංචාරයට එක්නොවීමට තීරණය කර ඇති ක්‍රීඩකයන් 10 දෙනා පහතින්.නිරෝෂන් දික්වැල්ල කුසල් ජනිත් පෙරේරා ධනංජය ද සිල්වා තිසර පෙරේරා අකිල ධනංජය ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස් සුරංග ලක්මාල් දිනේෂ් චන්දිමාල් දිමුත් කරුණාරත්න.

ඒ අනුව නායකත්වය බොහෝ දුරට ලහිරු තිරිමාන්නට හෝ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට හිමිවිය හැකි බවද ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම කණ්ඩායමෙන් ඉවත් කර ඇති උපුල් තරඟද නැවත කණ්ඩායමට කැදවීමට ඉඩ ඇති බවද සදහන්.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!