Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුව ආර්ථිකේ ගැන බොරු කියනවා කොරෝනා ගැනත් බොරු කියනවා – රනිල්

ආණ්ඩුව ආර්ථිකේ ගැන බොරු කියනවා කොරෝනා ගැනත් බොරු කියනවා – රනිල්

කොරෝනා වසංගතය නැවතත් පැතිරීමට පටන් ගෙන තිබෙන පසුබිමක් යටතේ මහමැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුව වහා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කළයුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී 12 පැවසීය.

නිකරුනේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන්නට දී අවසන් මොහොතේ මැතිවරණ තීරණ නොගෙන කල් දැමීමට අවශ්‍ය නම් දැන්මම සාකච්ඡා කොට තීරණයක් ගත යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ආණ්ඩුව ආර්ථික අර්බුදය ගැන මෙන්ම කොරෝනා වසංගතය ගැන ද බොරු කියන්නට පටන් ගෙන බව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතාමේ මොහොතේ නිවැරදිව සිතා තීරණ ගන්නට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

එදා මැතිවරණ කොමිසම හමුවීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ට යන්නට නොදුන් බවත් දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල අදාළ සියලු සංගම් කැඳවා විමසා තීරණය ගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය .

මහනුවර ඒ එල් සේනානායක ගොඩනැගිල්ලේ පැවති ජන හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!