Breaking News
Home / දේශීය පුවත් / එජාපය මේ සතියේ දෙකට කැඩෙයි කරුට නායක කම දුන්නොත් සජිත්ගෙන් මේ සතියේ නව පක්ෂයක්

එජාපය මේ සතියේ දෙකට කැඩෙයි කරුට නායක කම දුන්නොත් සජිත්ගෙන් මේ සතියේ නව පක්ෂයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙනවා.

ඒ මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයට සුජීව සේනසිංහ ද, හරීන් ප්‍රනාන්දු ගම්පහ දිස්ත‍්‍රික්දකයට ද , අජිත් පී පෙරේරා කළුතර දිස්ත්‍රික්කයට ද නලින් බණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නායකත්වය දෙනු ඇති බවයි දැනට වාර්තා වන්නේ.

මෙම නව පක්ෂයේ මහලේකම් ලෙස පත්කිරීමට සුදානම්ව සිටින්නේ එජාප හිටපු මහලේකම් හා රාජපක්ෂ ආණ්ඩුවේ සති කිහිපයකට සෞඛ්‍ය ඇමති වූ තිස්ස අත්තනායක හටයි.

නිදහස් පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුව සාදා ආණ්ඩු බලය පවා ලබාගත් නිසා එම ආදර්ශය ගෙන සජිත් ප්‍රේමදාසගේ බුද්ධිමත් හා එඩිතර ඉදිරි දක්නා නුවනින් යුතු පක්ෂයක් බිහි කර මීලග ආණ්ඩුව ඔවුන් බිහිකිරීමට නියමිත බවයි සජිත් පිලේ ප්‍රභාලයන් සමීපතමයන් සමග පවසා ඇත්තේ. එසේම මෙය සජිත්ගේ නායකත්ව හැකියා මැන බැලිය හැකි හා රටට පෙන්විය හැකි හොදම අවස්ථාවද වෙයි.

නායකත්ව මණ්ඩලයක් ඇති කර එහි කරු නායකයා කරනවාට දැඩි ලෙස විරුද්ධ මොවුන් කරුට එරෙහිව දැඩි මඩ ව්‍යාපාරයක් සුදානම් කරන බවයි වාර්තා වන්නේ. එහි සුන්දරම කාරණය වන්නේ දින 52 දී විරුවකු ලෙස කිරුළු පැලඳු සජිත් පිලේම පිරිස් ඔහුට එරෙහිව මරාගෙන මැරෙන තත්වයට සජිත් නිසා පත්ව තිබීමයි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!