Breaking News
Home / ක්‍රිඩා / දසුන් ප්‍රමුක නව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත 20 20 ජයක් ලබයි

දසුන් ප්‍රමුක නව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත 20 20 ජයක් ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානය අතර පැවති 2 වන 20 20 තරගයෙන්ද ලංකාව විශිෂ්ට ජයක් ලැබීම සමග තරගාවලියම ජයගන්න ලංකාව සමත්වුනා. එය ඉතිහාසගත ජයක් බවට පත්වනවා.

ප්‍රධාන කණ්ඩායම නැතිව ලොව අංක එකේ 20 20 කණ්ඩායම දසුන්ගේ නායකත්වයෙන් යුත් තරුණ කණ්ඩායමට හැකිවීම විශිෂ්ට සිද්දියක්. ලංකාව පකිස්ථානය පකිස්ථානයේදී 2020 තරගාවලියක් පරාජය කල පළමු අවස්ථාවද වනවා. එසේම අවසන් තරග පිට පිට පරාජය වීම තිත තබා වසර ගණනකට පසු තරගාවලියක් ජයගැනීමද විශේෂත්වයක්.

එසේම පකිස්ථාන කණ්ඩායම පිට පිට තරග 2 දී කඩුලු 10 දැවී ගිය ප්‍රථම අවස්ථාවද මෙය වනවා. කෙසේ වෙතත් රමේෂ් රාජා විමසුවේ නායක දසුන්ගෙන් දැන් ඔබේ කණ්ඩායම හරි ජේෂ්ඨයන්ට මොකද වෙන්නේ යනුවෙන්. 20 20 ලෝක කුසලානයක් අභියස නව ක්‍රීඩකයන් ගණනාවක් සොයාගැනීමට හැකිවීම අහම්බෙන් වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ඇති විශිෂ්ට අවස්තාවක් ලෙසයි දැකිය හැක්කේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලංකාව ලකුණු 182 ක් කඩුලු 6 ට ලබා ගත්තා. එහි විශිෂ්ටම ඉනිම ක්‍රීඩා කලේ 27 හැවිරිදි භානුක රාජපක්ෂ. පන්දු 48 ට ලකුණු 77 ලබා ගත් බානුක හයේ 6 හා 4 පහර 4 ලබා ගත්තා. ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා වසර ගනාවක් වුවත් අවස්ථාවක් නොලද භානුක තම හැකියාව උපරිමයෙන් පෙන්වමින් ජාත්‍යන්තර පළමු අර්ධ ශතකය ලබා ගත්තා.

ෂෙහාන් ජයසුරිය මෙම සංචාරයේ හොදින්ම කල ක්‍රීඩකයෙක් වන අතර ඔහු ලකුණු 34 යි. නැවත නායක දසුන් වගකීමෙන් වගකීම ඉටුකළ අතර ඔහු පන්දු 15 දී නොදැවී ලකුණු 27 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පකිස්ථානය ලකුණු 147 ට සියල්ල දැවී ගියා. එහිදී ඉමාඩ් වසීම් පමණක් ලකුණු 47 ලබාගත්තා. විශිෂ්ට පන්දු යැවීමක් කල නුවන් ප්‍රදීප් කඩුලු 4 ලකුණු 25 ලබා ගත් අතර එක පන්දු වාරයේදී කඩුලු 3 ක් ලබා ගත් වනිදු හසරංග නිසාවෙන් පකිස්ථානයට තම ජයග්‍රහන්නය මග හැරීමට විශාලම හේතුව වුනා. ඉසුරු උදානකඩුලු 2 යි.

භානුක රාජපක්ෂ තරගයේ වීරයා වූ අතර මීලග තරගය 9 වනදා පැවැත්වුනත් තරගාවලිය ලංකාව ජයගෙන අවසන්. 2020 ලෝක කුසලානයක් අභියස නව ජවයෙන් පිරි නව තරුණයන් පිරිසක් කණ්ඩායමට සොයාගැනීමට හැකිවීම රටේ මෙන්ම ලංකා ක්‍රිකට් වල වාසනාවන්ත සිදුවීමකි.

About article14

Check Also

ශ්‍රී ලංකා පකිස්තාන සංචාරයේ ආරක්ෂාව තහවුරු කරන්න අයිසිසියෙන් කණ්ඩායමක් යයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!