Breaking News
Home / දේශීය පුවත් / 2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් – රනිල්

2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් – රනිල්

2020 වනතුරුම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමටත් බලය පවත්වා ගැනීමටත් අපි තීරණය කල බව අගමැති පවසනවා. පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කර ගන්නා අතරම ආණ්ඩුව තුල ඇති සමගියත් ආරක්ෂා කර ගැනීමටත් , මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකට වැඩකටයුතු කිරීමට තීරණය කල බවයි ඔහු සදහන් කරන්නේ.

“මහවැලිය ආදි ව්‍යාපෘති ආරම්භ කළා. එය සාර්ථකව අවසන් කළේ එක්සත් ජාතික පක්ෂය යටතේයි. තවත් ජලාශ ව්‍යාපෘති 02ක් ආරම්භ කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතිය ඉන් එකක්. මහින්ද රාජපක්ෂ එම ව්‍යාපෘතිය නතර කිරීමට හැදුවත් අපේ ජාතික ආණ්ඩුව යටතේ එය අවසන් කිරීමට හැකි වූ බව එතුමා පැවසුවා.

එක් ප්‍රදේශයකට ජලය ලබා දීමේ වැඩකටයුතු සිදු කරන විට තවත් ප්‍රදේශයක ජනතාවට නියඟයන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් මෙම තත්වය දකුණු ඉන්දියවෙත් දැකිය හැකි බවයි අගමැතිගේ අදහස. ලෙව පුරා දේශගුණික වෙනස්වීමක් ඇතිව තිබීම ඊට හේතුවයි. එම තත්වය පවතින්නේ තාවකාලිකව ද දීර්ඝකාලීනවද යන්න අපට පැවසිය නොහැකියි. නමුත් සාමාන්‍යයෙන් පෙනී යන්නේ තව කන්න 02 – 03ක් පමණ මෙම තත්වය පවතිනු ඇති බවයි වැඩිදුරටත් අගමැති පවසන්නේ.

“සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපල දියුණු කරනවා. එම කර්මාන්ත සහ සංචාරක කලාපවල රැකියා කිරීමට අවශ්‍ය පුහුණුව අපි අපේ තරුණ තරුණියන්ට ලබා දෙනවා. පළමුවෙන් මෙම සංවර්ධන වැඩකටයුතු මහනුවර සිට හම්බන්තොට දක්වා ආරම්භ කරනවා. දෙවනුව මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා වැඩකටයුතු ආරම්භ කරනවා. එසේ නම් ලෝකයේ හොඳම වරායන් 03ක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ඒ ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොටයි යන වරායන්” බවයි එජාප නායකයා පවසන්නේ.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!