Breaking News
Home / දේශීය පුවත් / 2020 ජනාධිපතිවරණයට එන්න ඕන දෙමල කතා කල හැකි අපේක්ෂකයෙක් 25% සුළු ජාතික ඡන්ද. අපෙන් එන්නේ මහින්ද – අනාවැකි කියන වෙල්ගම

2020 ජනාධිපතිවරණයට එන්න ඕන දෙමල කතා කල හැකි අපේක්ෂකයෙක් 25% සුළු ජාතික ඡන්ද. අපෙන් එන්නේ මහින්ද – අනාවැකි කියන වෙල්ගම

ඉදිරිජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ හොඳින් දෙමළ කතා කළ හැකි සුළු ජාතීන්ගේ ජන්ද ලබා ගත හැකි අපේක්ෂකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපති මැතිවරණයේදී මුළු රටම එකම ජන්ද කොට්ඨාසයක් වනහෙයින් ඉන් 25% ක් සුළු ජාතීන්ගේ ජන්ද බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූයේ එම ජන්ද අහිමි වීමෙන් බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවත් සුළු ජාතීන්ගේ බහුතර ජන්ද ගත හැකි පුද්ගලයා ජයග්‍රහණය කරන බව වෙල්ගම මහතා පවසයි.

ඒ නිසා මහින්ද රාජපක්ෂ මහාතා පමණක් නොව කවුරු වුනත් මෙම කාරණය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාටද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට තමන් ආනාවැකියක් පවසන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

 

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!