Breaking News
Home / Video / 2020 ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන 2020 ලෝක කුසලානයට ලංකාව තේරී නැ ඉතිහාසේ ප්‍රථමවරට ලංකාව හැලි ඇෆ්ගනියන් ඇතුලට. බනග්ලියනුත් විසිවෙයි

2020 ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන 2020 ලෝක කුසලානයට ලංකාව තේරී නැ ඉතිහාසේ ප්‍රථමවරට ලංකාව හැලි ඇෆ්ගනියන් ඇතුලට. බනග්ලියනුත් විසිවෙයි

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අහිමි වී තිබෙනවා.

තෝරා ගැනීමේ ක්‍රමවේදය අනුව තරඟාවලිය සඳහා ඍජු සුදුසුකම් ලබන්නේ සත්කාරක ඕස්ට්‍රේලියා සහ අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ පළමු කණ්ඩායම් නවය පමණයි.

ඉන් මුල් කණ්ඩායම් 8 මූලික තරඟ වටයකින් තොරව තරඟාවලියට ඇතුළත් වන අතර, අවසන් කණ්ඩායම් දෙකට තවත් කණ්ඩායම් 6 ක් සමඟ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට සහභාගි විය යුතු වනවා.

ඒ අතුරෙන් කණ්ඩායම් 4 ක් ප්‍රධාන තරඟාවලියේ කණ්ඩායම් 12 ට ඇතුළත් වනු ඇති.

ඉතිහාසයේ ප්‍රථම වරට මෙම සිදුවීම ලංකාවට සිදුවී ඇති අතර 2019 ලෝක කුසලනයටද මෙම අවධානම ආවත් කොදෙව්වන් අවසානයේ එයට බෙල්ල දුන් නිසා නුලෙන් බේරුනි.

කෙසේ වෙතත් මෙවර 2020 ලෝක කුසලානයෙන් බන්ගලියන් මෙන්ම ලංකාවට තවත් කණ්ඩායම් 4 ක් සමග සුදුසුකම් තරගවලට සහභාගිවී එයින් ස්ථාන 2ක් ලබා ගත යුතු වනවා.

මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිරිහීම හා ලෝක ක්‍රිකට් වල දියුණුවත් පෙන්නන හොදම අවස්තාවක්. කෙසේ වෙත්තත් නව ඇමති රොෂාන් මහානාම මහේල ජයවර්ධන කුමා සංගක්කාර සිදත් වෙත්තමුණි යන අය පරිපාලනයට ගැනීමට සාකච්චාවක් පවතින බව බවසනවා. එම සම්පුර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහතින්.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!