Breaking News
Home / ක්‍රිඩා / 2019 ලෝක කුසලානයේ අත්දැකීම් අඩුම වසර 4 කින් එක වර කණ්ඩායමට එන නායකයා ලංකාවෙන්

2019 ලෝක කුසලානයේ අත්දැකීම් අඩුම වසර 4 කින් එක වර කණ්ඩායමට එන නායකයා ලංකාවෙන්

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විශේෂඥ ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට ලබා දීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව තිබෙනා බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

දිමුත් ටෙස්ට් තරග 60 දී ඇනීම් 117 ක්‍රීඩා කර ලකුණු 4074 ක් ලබා ඇති අතර ශතක 8 හා අර්ධ ශතක 22 ලබා තිබෙනවා. සාමාන්‍ය 36 ක්. එහෙත් දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ජාත්‍යන්තර පිටියේ එක්දින තරග සදහා භාවිතා කරන සුදු පන්දුව ක්‍රීඩා නොකර තිබීමත් විශේෂත්වයකි.

එක්දින තරග 17 පමණක් ක්‍රීඩා කර ඇති ඔහුගේ එක්දින ලකුණු සාමාන්‍ය ලකුණු 15ක්. දිමුත් කරුණාරත්න මරදාන ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මේ අනුව ලෝක කුසලානයට එක් වන අත්දැකීම් අඩුම නායකයා බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා නායකයායි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. එම සංචිතයද අද(18) දිනයේ ප්‍රකාශයට පත් වීමට නියමිත අතර අවසන් කණ්ඩායම තීරණය කිරීමට නායකයා ලෙස පත්වූ දිමුත් තේරුම් කමිටුව සමග සහභාගී වී තිබෙනවා.

මෙවර ලෝක කුසලානයට සහභාගිවන ප්‍රභල කණ්ඩායම් කිහිපයක සංචිත නම් කර ඇති අතර බංගලාදේශය සමග කණ්ඩායම 5 මේ වන විට කණ්ඩායම් නම් කර තිබෙනවා. නායකයාගේ දක්ෂතා පිළිබද විශ්ලේෂණය කල අතර එංගලන්තයේ ඔයින් මෝගන් තරග 217 දී ශතක 12 ක් අර්ධ ශතක 43 ක් ලබා තිබෙනවා.

ලකුණු 6813 හොදම ලකුණු 124 වන අතර සාමන්‍ය 39 ක්. ඉන්දීය නායක විරාත් කෝලි තරග 227 යි ලකුණු 10843 යි ශතක 41 අර්ධ ශතක 49 යි සාමාන්‍ය 60 යි. ඕස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් තරග 109 යි ලකුණු 4052 යි ශතක 13 අර්ධ ශතක 23 යි සාමාන්‍ය 39 යි.

නවසීලන්තයේ කෙන් විලියම්සන් තරග 139 යි ලකුණු 5554 යි සාමන්‍ය 46 යි ශතක 11 අර්ධ ශතක 37 යි. බංගලාදේශ නායකයා පන්දු යවන්නෙක් වන අතර මෝර්ටසා තරග 205 කදී කඩුලු 259 ක් දවා ඇති අතර පිත්තෙන් ලකුණු ලකුණු 1752 ද ලබා ඇත. එක අර්ධ ශතකයක් ලබා ඇති ඔහු සාමාන්‍ය 15 ක්.

මේ සිද්දීන් ගණනාවක් හා නායකත්ව අර්බුධ වැනි කාරනා ගණනාවක් ඇතුලත කෝටි ගණනක වැටුපක් ලබන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තම පදිංචි රට වන ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු ලෝක කුසලානය අබියස සිටියදී ලෝක කුසලාන සංචිතය තෝරන පළාත් තරගාවලියේ තරග නැරබීමට හෝ ලංකාවේ රැදී සිට නැති වීමත් විශේෂයෙන් සදහන් කල යුතුයි.

පුහුනුකරිත්වය පළමුව අහිමිවීමට ගිය අතර කණ්ඩායමේ නායකත්වය අර්බුධය නිසා එය යටපත් වුවා. එසේම ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත් කිරීමට තේරුම් කමිටුව සුදානම් වූ බව අසන්තා පවසන අතර මැතිව්ස් තමන් එයට පත් නොකරන්නැයි කල ඉල්ලීම නිසා දිමුත්ට එය ලබා දුන් බවයි පවසන්නේ.

එහෙත් මැතිව්ස් නායකත්වය ප්‍රතික්ෂේප කල හේතුව තවමත් හෙළි කර නැ. කලින් වාර්තා සදහන් කලේ පුහුණුකරු සමග වැඩ කිරීමට ජෙෂ්ට ක්‍රීඩකයින් ගණනාවක් අකමැති බවයි. එහෙත් මැතිව්ස්ගේ එම තීරණය පිළිබද හේතුවක් තවම වාර්තා වන්නේ නැ.

About article14

Check Also

පකිස්තාන සංචාරය ගැන නැවත සලකා බලන්නැයි අගමැති කාර්යාලය ක්‍රිකට් ආයතනයට දන්වයි

ත්‍රස්ත ප්‍රහාරයක යම් තොරතුරු වාර්තා වන බැවින් නැවත ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය පිළිබද සලකා බලන්නයි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!