Breaking News
Home / ක්‍රිඩා / 2019 ලෝක කුසලානයට යන්න හොඳම පුහුණුකරු දැන් ඉන්නවා ඇන්ජලෝ චන්දි දෙන්නා වටේ කණ්ඩායම හැදෙන්න ඕන – අරවින්ද

2019 ලෝක කුසලානයට යන්න හොඳම පුහුණුකරු දැන් ඉන්නවා ඇන්ජලෝ චන්දි දෙන්නා වටේ කණ්ඩායම හැදෙන්න ඕන – අරවින්ද

ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට පැවති නිදහස් කුසලාන තරඟාවලිය තුල පරාජයන් ලැබුවද එම එක පරාජයක්වත් විනාශ වීම් තරම් දරුණු පරාජයන් නොවන අතර T20 තරඟ වල බොහෝ විට බලපාන දවසේ වාසනාව නිසා ප්‍රතිවාදීන් ලබාගත් ජයග්‍රහණ ලෙස හැඳින්විය හැක.  මෙම තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මාස දෙකක පමණ විවේකයක් ලැබෙන්නේ IPL තරඟාවලියේ කාල සටහන සමඟ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට ලැබෙන විවේකයද සමඟය.කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට ඉලක්කය විය යුත්තේ 2019 පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය ය.

මෙම ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයන් දෙදෙනෙකු පිළිබඳව 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදෙන්නට විශාල සේවයක් කල අරව්න්ද ද සිල්වා අදහස් දක්වා ඇත.අරවින්ද පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට යන විට ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් වටා එකතු විය යුතු බවය.  “මම හිතන්නේ ලංකා කණ්ඩායමේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ,ඒ වගේම චන්දිමාල් කියන්නෙත් ලොකු වගකීමක් දෙන්න පුළුවන් පිතිකරුවෙක්.

මම හිතන්නේ ඔය දෙන්නගෙන් කවුරු නායකයා වුනත් ප්‍රශ්නයක් නෑ.කණ්ඩායමට මේ දෙන්නගේ සහය එක්ක ඉස්සරහට යන එක තමයි වැදගත්ම දේ.මොකද නායකයා වුනත් නැතත් එකම විදියේ සේවයක් මේ දෙන්නටම කණ්ඩායමට දෙන්න පුළුවන්.”  ලෝක කුසලානයට යන්නට ශ්‍රී ලංකාවට ගැලපෙනම පුහුණුකරු ලැබී ඇතැයිද අරවින්ද පවසා ඇත.”චන්දික ඉන්න එක කණ්ඩායමට ලොකු වාසියක්,ඔහු ලෝකයේ ඉන්න හොඳම පුහුණු කරුවෙක් වගේම චන්දික ඉන්න නිසා අපේ අයට භාෂාවේ ප්‍රශ්න ,සංස්කෘතියේ නොගැලපීම් එන්නෙත් නෑ.”  ශ්‍රී ලංකා කණ්ඩායම පසු ගිය කාලයේ පෙන්නුම් කල පසු බෑම මේ වනවිට දක්නට නැති බවත් කණ්ඩායමක් ලෙස හොඳ අරමුණකට කැපවීමෙන් යන බව පෙන්නුම් කරන බවද අරවින්ද පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ වැඩ පෙන්වූ කුසල් පෙරේරා ගැනත් අරවින්ද විශේෂයෙන් කතා කර ඇත.”ඇත්තටම කුසල්ගෙන් මම ගොඩක් වෙලාවට සනත් ජයසුරිය දකිනවා,අනු ගණන් වල අපිට හිටපු සනත් කියන ටෙස්ට් පිතිකරුවත් අපිට ලොකු දෙයක් දුන්න ,ඒ වගේම මම හිතනවා කුසල්ට ලංකාවේ ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියල.ප්‍රහාරය කියන්නේ මමත් විශ්වාස කරන හොඳම ආරක්ෂාවක් තමයි.”

Image result for aravinda de silva new

About lanka

Check Also

ගෝල 1400 ක් ලබා ඇති ලොව වටිනාම ක්‍රීඩකයන් දෙදෙනා එකම දිනයේ ලෝක පාපන්දුවෙන් අවිනිශ්චිත ලෙස සමුගනියි. මෙසී සහ රෝනල්ඩෝ ගෙදර

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් ඊයේ (30) දෙවන තරගයත් තියුණු එකක් වුනා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!