Breaking News
Home / ක්‍රිඩා / 2018 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලය ඉවරයි ඒත් ඊට පෙර ආයෙත් තනතුරු හුවමාරුකරගයි

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලය ඉවරයි ඒත් ඊට පෙර ආයෙත් තනතුරු හුවමාරුකරගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි . ඒ සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය(SGM). මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි මේ වනවිටත් සාමාජික සංගම්වලට යවා තිබේ.

මෙම විශේෂ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් ධුරය දරන මොහාන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට පුරප්පාඩුව පවතින උපසභාපති ධුරය ඔහුට ලබාදී දේශීය ක්‍රිකට් ගොඩනැංවීමට දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුර පිරිනැමීමට නියමිත බවට අනාවරණය වේ. මෙම උපසභාපති ධුරයේ මීට පෙර කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතා වන අතර, වත්මන් පරිපාලනයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කලකිරී ඔහු ඉල්ලා අස්විය. මේ අනුව මොහාන් ද සිල්වා මහතා උපසභාපති තනතුරට පත් කිරීමත් සමග පුරප්පාඩු වන ලේකම් ධුරයට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හෝ ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන රොෂාන් බියන්වල පත් කිරීමේ සූදානමක් පවතින බවටද හෙළිවේ.

මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උපසභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේදී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතය.

මීට අමතරව රවීන් වික්‍රමරත්න දරන උපලේකම් තනතුර සහ ශම්මි සිල්වා දරන භාණ්ඩාගාරික  යන තනතුරුද වෙනස් වීමට වැඩි ඉඩක් පවතින බවට හෙළිවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක්  සඳහන් කළේ ලබන වසරේ මැයි මස 31 වැනිදා දක්වා වත්මන් පරිපාලනයට පරිපාලන කටයුතු කරගෙන යා හැකි බවත්, මෙම විශේෂ මහා සභා රැස්වීමේදී තනතුරු කිහිපයක් වෙනස් කර ගැනීම සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරමින් තීරණ ගැනීම පමණක් සිදු වන බවත්ය. එමෙන්ම මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වනුයේ තවත් වසර දෙකකින් වත්මන් පරිපාලනය දීර්ඝ කරගැනීමට නොවන බවත්, ලබන වසරේ මැයි මස 31 වැනිදායින් පසුව යළිත් නිලවරණයකින් නව පරිපාලනයක් පත්කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

About article14_2

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!