Breaking News
Home / දේශීය පුවත් / 2015 රනිල් අගමැති කල විදිහියට අද මහින්ද කලා කියන්න එපා ලැජ්ජයි. එදා අපි විරුද්ධ වෙද්දි ඔයලා නඩු දාන්න එපා කියලා වැන්දා

2015 රනිල් අගමැති කල විදිහියට අද මහින්ද කලා කියන්න එපා ලැජ්ජයි. එදා අපි විරුද්ධ වෙද්දි ඔයලා නඩු දාන්න එපා කියලා වැන්දා

ඊයේ(7) දිනය මෙරට දේශපාලනයට තවත් සුවිශේෂී දිනයක් බවට පත් වූයේ පාර්ලිමේන්තුවේදී කණ්ඩායම් නායකයින්ගේ රැස්වීමක් නිල නොවන අන්දමට පැවැත්වීමට කතානායකතුමන් කටයුතු කිරීම නිසාවෙනි.

කෙසේ වෙතත් කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ මෙම රැස්වීමේදී සිදුවූ අපූරු සිදුවීමක් පිළිබඳව මේ වන විට අප වෙත වාර්තා වී තිබේ.

එනම් මෙම කණ්ඩායම් නායක රැස්වීමේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ 2015දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 48ක් සහිතව බවය.

එසේම එදා පාර්ලිමේන්තු බහුතරය නොමැතිව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ කෙසේදැයි මෙහිදී හෙතෙම ප්‍රශ්න කර තිබේ.

එසේම එදා අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිමු ජයරත්න මහතාට නොදන්වා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඒ සඳහා පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා සදහන් කර ඇත්තේ දැනුම් දීමකින් තොරව අගමැති පත් කළ බව සදහන් කිරීම සම්පුරණ වැරදි බවත් තමා විසින් එසේ ඉවත් වීමට අදාළ නිළ ලිපිය ජනපතිවරයාගේ අත්සන සහිතව දී.මු ජයරත්න මහතා වෙත ලබා දුන් බවත්ය.

ඉන් අනතුරුව නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත කියා ඇත්තේ “තමුන් දැන් බොරලුගොඩ සිංහයා නොවයි එය බල්ලෙකුගේ මට්ටමට වැටිලා.එදා රනිල් වික්‍රමසිංහ අගමැති වන අවස්ථාවේ කිසිඳු විරෝධයක් පළ කිරීමට ඔබතුමාලා කටයුතු කරේ නෑ.

අපි ඒ වෙනුවෙන් හඬක් නැගුවත් ඔබතුමාලා කරේ මොකද්ද.ඔබතුමාලා රනිල් වික්‍රමසිංහට කියලා අනේ අපිට කරදරයක් නැතුව ඉන්න දෙන්න කියලා පොරොන්දු කරවා ගත්තා.

නඩු නොදා බේරලා දෙන්න කියල විතරයි එදා රාජපක්ෂලා හා ඔබතුමන්ලා කිවේ.දැන් බොරු බයිලා ගහන්න එපා.ලැජ්ජයි” යනුවෙන් සදහන් කර තිබේ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!