Breaking News
Home / දේශීය පුවත් / 2015 දී මහින්දගේ විදෙස් සංචාර නඩ ගැන කියා බලයට ආ සරල ජනපති 63 ක නඩයක් ඇමරිකා ගිනිහින්. කුමාර වෙල්ගමගේ සොයුරාත් ඒ නඩයේ

2015 දී මහින්දගේ විදෙස් සංචාර නඩ ගැන කියා බලයට ආ සරල ජනපති 63 ක නඩයක් ඇමරිකා ගිනිහින්. කුමාර වෙල්ගමගේ සොයුරාත් ඒ නඩයේ

නිව්යෝර්ක්හි එ.ජාතීන්ගේ සමුළුව පවුලේ මංගල්‍යයක් සේ ජනාධිපති සිය පවුලේ අය පමණක් නොව පවුලට බැඳෙන්නට ඉන්නවුන් ද සහිත බුරුත්තක්ම රැගෙන මහජන මුදලින් නිව්යෝර්ක් බලා ගොස් සිටින බව සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ තහනම් කල ලංකා ඊ නිවුස් වාර්තා කරනවා.

Image may contain: indoor

මේ ගමනට පවුලේ අයගේද ද ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 13 ක් නිල වශයෙන් රැගෙන ගොස් තිබෙන බව ඊ නිවුස් සදහන් කරනවා. එ.ජාතීන්ගේ සමුළුවට රාජ්‍ය නායකයා පමණක් ගියද එරටින් සියළු ආරක්ෂාව ලබා දෙන බවද සදහන්.. මාධ්‍යකරුවන් පමණක් ම 22 කි. එතැනින් 11 ක් ම ජනාධිපති මාධ්‍ය අංශයේ බවයි සදහන් වන්නේ.

Image may contain: 3 people, people standing

දිවයින මාධ්‍ය කියා නිල නොවන ලිස්ට් එකෙන් නිමල් වෙල්ගම ද නිව්යෝර්ක් ගොස් තිබේ. ඒ දිවයින හිමිකරු වගේම කුමාර වෙල්ගමගේ සොයුරෙකි. ඒ ලංකාවේ මහින්ද සිරිසේන ආණ්ඩුවක් සැදීමට කතා බහක් යන අතර තුර බවයි වාර්තා කරන්නේ.

නිල වශයෙන් නිව්යෝර්ක් ගිය 63 ක ගෙන් යුත් කණ්ඩායම නිව්යෝර්ක් නගරයේ සුපිරි හෝටලයක් වන ලෝව්ස් රීජන්සි හෝටලයේ සිටින අතර නොනිල වශයෙන් නිව්යෝර්ක් ජනපති පවුලේ සහ පවුලට බැඳෙන්නට යන කණ්ඩායම තවත් සුපිරි හෝටලයක් වන මැරියට් හෝටලයේ නැවතී සිටින බව සදහන්.

Image may contain: 6 people, people sitting, child and outdoor

නිල වශයෙන් නිව්යෝර්ක් ගිය ලැයිස්තුව ලංකා ඊ නිව්ස් ප්‍රසිද්ධ කර තිබේ. මේ සියලු තොරතුරු වල උපුටා ගත පුවත බලන්න මේ ලින්ක් එකෙන්.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!