Breaking News
Home / දේශීය පුවත් / 2014 සිට 2018 දක්වා විදුලි අමාත්‍යංශය තිබුනේ සිරිසේන යටතේ සියබලාපිටිය ලග වුවත් විදුලි අර්බුධයේ වගකීම එජාපයට දමා මඩ ගැසීමට සිරිසේනගෙන් සැලැස්මක්

2014 සිට 2018 දක්වා විදුලි අමාත්‍යංශය තිබුනේ සිරිසේන යටතේ සියබලාපිටිය ලග වුවත් විදුලි අර්බුධයේ වගකීම එජාපයට දමා මඩ ගැසීමට සිරිසේනගෙන් සැලැස්මක්

විදුලි බලය කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජනතාවට අවශ්‍ය විදුලි බලය අඛණ්ඩව සැපයීමට රජයක් ලෙස නොහැකි වීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවේ කිසිවෙකුටත් ඉඩක් නැතැයි ද ඔහු පවසා ඇත. ඔහු මේ කරුණ ප්‍රකාශ කළේ රජයේ මැතිඇමතිවරුන් සමග කොළඹඅරලියගහ මන්දිරයේ පැවැති අදහස් හුවමාරුවේදී බව සදහන්.

අගමැති ජනතාවට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට ගතයුතු සෑම පියවරක්ම අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇතැයිද සදහන්.වර්ෂ 2015 අගෝස්තු මාසයත් 2018 ඔක්තෝම්බර් මාසයත් අතර කාලය තුළ ඉන්දියාව ජපානය හා චිනය ශ්‍රී ලංකාවේ ස්වභාවික ද්‍රව වායු (LNG) බලාගාර 3 ක් ඉදිකිරිමට රජයන් රජයන් අතර එකඟතාවයකට පැමිණියද ඒ බලාගාර තුනේ ඉදිකිරිම් කිසිවක් නොවුනැයි අගමැති සිහිකර ඇත.

ඉන්දියාව ජපානය හා චිනය යන රටවල් සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර ගන්නා එකඟතාවය අනුව ඉහත කාලය තුළ බලාගාර 3 ක් ඉදිකිරීමට නොහැකිවීම කව්රුන්ගේ අදක්ෂතාවය දැයි රනිල් ඉහත සාකච්ඡාවේදී විමසා ඇත. ඒ 2015 සිට 2018 දක්වා එම අම්තයන්ශය පැවතියේ සිරිසේන යටතේ සියබලාපිටියගේ අමාත්‍යාංශයක් ලෙස බලාගාර ඉදිකිරීමට ප්‍රශ්න ඇතිවී ඇත්තේ සියබලාපිටිය හා ලේකම් ටෙන්ඩර් මගඩියේ සිටි නිසා බවයි වන්නේ.

නමුත් මේ වන විට සිරිසේන පොහොට්ටුව බාවිත කරමින් බෝලය එජාපයට පාස් කර විදුලි අර්බුධය ඇතිකළේ ඔවුන් යයි පවසමින් ජනතාව අතර අප්‍රසාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක නිරත බවයි වාර්තා වන්නේ. ආණ්ඩු ආණ්ඩු අතර ඇතිකර ගන්නා ගිවිසුම් මත මෙම බලාගාර ඉදිකිරිම් ආරම්භ කළේනම් ඒවායේ වැඩ අවසන් කිරීමට තිබුණේයැයිද අගමැති සදහන් කරද ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත් පිටින් ගෙනෙන ජනන යන්ත්‍ර සියල්ලක්ම පැමිණිමටනියමිතව ඇතැයි සඳහන් කර ඇති අගමැති ජනතාවට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකිවීමේ වගකීම රජය බාරගත යුතු බවද පවසා ඇත. එසේම විදුලි සේවකයන් පවසන්නේ විදුලි ඉජිනේරු වරුන්ගේ කුමන්ත්‍රණයක් මත මෙය සිදුවන බවයි.

විදුලි බල මණ්ඩලය යනු ඉජිනේරු වරුන්ගේ මාෆියා ගුහාවක් වන අතර ඔවුන් දන්නා වෘතිය දැනුම බාවිතා කර ජනතාව උකසට ගන්නා කොටසකි. දොස්තර කල්ලිය මෙන්ම මෙම කල්ලියද වෙනත් පුද්ගලයකුට නැති දැනුම ඔවුන් සතු නිසා එය බාවිතා කර රටට වින කරන ත්‍රස්ත කල්ලියක් මෙන්ද හැසිරෙමින් සිටින්නේ දශක ගනාවක සිටයි.

එසේම වර්තමාන කුප්‍රකට ඇමති වරයා පැමිණ මාස 3 ක් ගොස් මණ්ඩලයට දුසිම් ගණන සේවකයන් පිරවීම හැර වෙනත් කිසිවක් නොදන්නා බවත් සදහන්. උද්දච්ච කම නිසා කිසිවක් හරිහැටි කරකියාගන්නට නොහැකිව මේ විෂය පිළිබද දැනුමක් නැතිවීමත් ඉජිනේරුවන්ගේ වැඩි කැමැත්තක් මෙම පුද්ගලයාට නැතිවීමත් මෙම අර්බුධ වලට හේතු වී ඇති බව තොරතුරු සදහන් කරනවා

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!