Breaking News
Home / දේශීය පුවත් / ‘විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නැ’ 2012 දී බදුර්දින්ට ඔප්පුවකින් ලියා දුන්නු මහින්ද කියයි. තව සිරිසේන බොරුව කියන වචනයවත් නොදන්නා බවද කියයි

‘විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නැ’ 2012 දී බදුර්දින්ට ඔප්පුවකින් ලියා දුන්නු මහින්ද කියයි. තව සිරිසේන බොරුව කියන වචනයවත් නොදන්නා බවද කියයි

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ තමන් විල්පත්තු වන සංහාරය අනුමත නොකරන බවත් තම පාලන කාලයේදී ඒ පිළිබඳව සෙවීමට කටයුතු කළ බවත් ය.මේ ආණ්ඩුව කිසිම වරදක් කරලා නෑ.විල්පත්තු වන සංහාරය අනුමත කරන්නේ නෑ.

සිංහරාජය පිළිබඳවත් නකල්ස් ගැනත් අපි ඉන්නේ ඒ ස්ථාවරයේ. අපි විල්පත්තුවට කොමිටියක් පත්කළා. ඒ වාර්තාව අනුව ක්‍රියාත්මක වෙන්න කිව්වේ යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂනායක පැවසිය.පසුගිය කාලයේම විනාශ වෙමින් පවතිනවා.

මේවා තියෙන්නේ නිකම් රවුමක් ගහලා එන්න නෙමෙයි නේ. මේවා පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කිරිම හරහා වෙනස් කරන්න පුළුවන්. නීතියෙන් ක්‍රියාත්මක වෙන්න බැරි අවස්ථාත් තිබෙනවා.එසේම තම පාලන කාලයේදී විල්පත්තුවේ බිම් අඟලක්වත් විනාශ කිරීමට ඉඩ නොඳුන් බවට ජනපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යොමුකළ පැනයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයා බොරු නොකියයි. බොරු කියන වචනයවත් නෑ. යනුවෙන් පැවසිය.

නමුත් 2013 දී ඔප්පුවක් මගින් බදුර්දින්ගේ අමාත්‍යංශයට මේ කොටස ලබා දුන්නේද බැසිල් රාජපක්ෂ වන අතර එයට එවකට ජනාධිපති මහින්දගේ පුර්ණ ආශිර්වාදය ලැබුනා. මේ වන විට වසර 6 ක් 7 ක් ගෙවී ගොස් වයසට ගොස් ඇති නිසාත් දැන් වයස 74 ක මහලු පුද්ගලයෙක් වන නිසාත් ඔහු ගත් තීරණයට ඔහුම එරෙහි වීම පිළිබද මතකය දැන් අමතක වී ගොස් තිබිය හැක.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!