Breaking News
Home / දේශීය පුවත් / 2008 කිරිපිටි වල මෙලමයින් තිබේ යයි කියා පසුව නැතිවුනා මෙන් දොස්තර මාෆියාව ඌරු තෙල් ඇතිදැයි තාම පරීක්ෂණ කර නැ. ක්ෂණික නුඩ්ල්ස් වල පිළිකා කාරක දැන් නැද්ද?

2008 කිරිපිටි වල මෙලමයින් තිබේ යයි කියා පසුව නැතිවුනා මෙන් දොස්තර මාෆියාව ඌරු තෙල් ඇතිදැයි තාම පරීක්ෂණ කර නැ. ක්ෂණික නුඩ්ල්ස් වල පිළිකා කාරක දැන් නැද්ද?

ආනයනික කිරි පිටි පිළිබඳ අද සමාජයේ යළිත් ප්‍රබල මත ගැටුමක් හට ගෙන තිබේ. ඒ මීට පෙර මහින්දගේ ආණ්ඩුව අවස්ථාවේදී කිරිපිටි වල මෙලමයි නමැති විෂ ඇති බවට ප්‍රචාරයක් ගෙන ගිය අතර එය හුදෙක දේශපාලන වශයෙන් පිරිසක් තමන්ගේ ග්‍රහණයට හසු කර ගැනීමට කල සිද්දියක් වූ අතර මෙලමයින් තිබේ යනුවෙන් මහින්ද ප්‍රමුක ආණ්ඩුව හා දොස්තර මාෆියා සංවිධානය පැවසු කිරි වසර 10 ක් මිනිසුන්ට බොන්න දුන් අතර මෙවර ආනයනික කිරි පිටිවල ඌරු තෙල් මිශ්‍ර බවට මතයක් සමාජ ගතකිරීමේ උත්සාහයක එම මෙලමයින් ව්‍යාපාරයේ සිටි පිලම නිරත වෙමින් සිටි.

වෘත්තීකයින් ලෙස මෙහිදී පෙරමුණ ගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. 2008 වසරේ මෙලමයින් තිබේ යනුවෙන් කියූ පසු මහින්දගේ නොයෝග මත නිදාගත් මොවුන් මැතිවරණයක් ආසන්නයේ ජනතාව මතක් වීම හා ජනතාවට අසීමිත ආදරය දැක්වීම අතර බුද්ධිමත් පිරිස් මේ සම්බන්ධයන් වටහා ගත යුතුයි.

පෝෂණය ගැන නිවැරදි ක්‍රමවේද තුළින් සෙවීමට සැබෑ අවශ්‍යතාවක් මොවුන්ට නැත. තිබුනානම් මෙලමයින් ප්‍රශ්නයෙන් පසු වසර 10 ක් නිදාගෙන සිටියේ ඇයිදැයි විචාරකයන් විමසයි. එදා මෙලමයින් ගැන ඇරුනු කටවල් පසුව වැසීගියේය. දැන් අද ඒවා නැවත ඇරී ඇත. ඒ මන්ද යත් මේ මාෆියාකාර දොස්තරවරුන්ට අවශ්‍යව ඇත්තේ ජනතාව මුලාකර මඩිය තර කරගන්නට හා 2019 මැතිවරණයට පෙරගමන් යාමට බවයි වාර්තා වන්නේ.

අවන්කවම මෙහි ඌරු තෙල් මිශ්‍රනම් බිල්ලන් මවන්නේ නැතිව මේ ලෝකයේ කුමන හෝ කොදෙව්වකට ගොස් එය පරීක්ෂණය කර වාර්තා සමග ඉදිරිපත් කර මයිලෝ ඇස්බැස්ටස් තහනම් කරනවා කියා බෙර ගැසුවාක් මෙන් නොමැතිව සාක්ෂි පෙන්වා ඔප්පු කර අදාළ රටවල්ද අමනාප නොකරගෙන මෙය තහනම් කිරීම හෝ නිවැරදි කරන තුරු වාරණයක් කල හැක.

එහෙත් එවන් කිසිවක් නැත. ඌරු තෙල් තිබෙනවා යයි පැමිණිලි ලැබී තිබෙනවා අපි පරීක්ෂණය කරනවා යයි කියූ වචනයකින් මේවයේ ඌරු තෙල් ඇති බව තහවුරු කර පොහොට්ටු දොස්තර මාෆියා සංගමය තැනින් තැන පවසමින් සිටි. ජනතාව හැමවිටම මෙවන් සංවේදී කාරනා සදහා බියට පත්වන අතර ඔවුන් බියවී ඇත්තේ ඉදිරියට බොනවාද නැද්ද යන්නට නොවේ ඔවුන් බිව්වේ ඌරු තෙල්ද නැද්ද යන්න ස්ථිරව දැනගැනීමටයි.

එහෙත් එම කරනවා යන පරීක්ෂණය තවම කර නැති අතර එල්ලුම් ගහ වරින් වර ලියලා මිය යනවා මෙන් පරීක්ෂණය ගැන මේ වන විට සදහනක් නොකරම කිරි පිටි දන්ගෙඩියට යවා අවසන්. ප්‍රශ්නය මෙය විදෙස් කිරි පිටිද යන්න නොවේ ලංකාවේ සමාගමක් සමග දේශපාලන අර්බුධයක් මෙසේ මාෆියා කල්ලි හා දේශපාලකයන් ඇති කරගතහොත් ඉදිරියේ දේශීය සමාගමටත් බෝම වැටෙන්න දී තමාගේ සමගම උඩ යවා ගත හැකි.

සන්වෙධි කාරනා සදහා මිනිසුන් මෙවන් විචාරයන් පිලිබදද සැකෙන් බැලුවත් දිනක තමන්ගේ ව්‍යාපාරයකටද මෙම ඉරණම අත්විය හැකි. මෙය ලංකාවේ අවනීතික දේශපාලන මාෆියාවේ අසික්කිත අවස්තාවක්. 2020 මැතිවරණය අවසන් වීම සමග මෙම සිද්දීන් යට යනු ඇති බව අද සටහන් තබන ඔබ හොදින් මතක තබාගන්න.

මහින්ද ආණ්ඩු සමයේ පැලවත්ත සිනි සමාගමට සිදු වුයේද මේ සිද්දීයමයි. එය රජයට බලෙන් පවරා ගැනීමට හේතුව වුයේ විපක්ෂ මන්ත්‍රී හිමිකාරිත්වය දැරීම හා එජාපයට ඒ වන විට ප්‍රධාන මුදල් සපයන්නා එම හිමිකරු වීම නිසයි. අවන්කවම රටේ මිනිසුන් පිළිබද සිතනවානම් රු 20 වී මිලට ගෙන රු 100 ට හාල් විකුණන මාෆියාව බිද හෙලීමට හැක.

එහෙත් කුඩා ව්‍යාපාරිකයකුට හෝ වැඩි මිලකටවත් වී මිලට ගැනීමට නොහැකි වන ලෙස ජාවාරමක් කර ඇති හාල් මාෆියාව කැඩීමට මොවුන්ට උවමනාවක් නැත. කුඩා ව්‍යාපාරිකයන්ට ගුටි පුජා දී එලවන හාල් මාෆියාව පිළිබද එකදු කතාවක් නොකරන අතර සහල් මිල දී ගැනීම රජයට පවරා ගැනීමට හැක. එසේම ක්ෂණික නුඩල්ස් වල පිළිකා කාරක ඇති බව වරක පැවසුවත් පසුව ඒවා අදත් වෙළද දැන්වීම් දමා විකුණමින් ඇත.

දොස්තර මාෆියා සංගමේ එවිට ක්ෂණික නුඩ්ල්ස් අනුමත කරනවාද යන්න අප ජනතාව ලෙස දැනගැනීමට අයිතියක් ඇත. එසේම බිස්කට් වල අහිතකර ද්‍රව්‍ය ඇතිබව පවසා එයත් දැන් අප හරි හැටි දන්නේ නැත. තමන්ට ඕන ව්‍යාපාර නැගීමටත් කඩා වැට්ටිමටත් දේශපාලනය අනුව ක්‍රියා කිරීම පිළිබද ඒ උදාහරණ කිහිපයකි.

තවද අප රටේ ප්‍රමුක මුල්‍ය ආයතනයකට ලංකාවේ කෝටිපතියකු වූ පුද්ගලයකුටද මෙසේ සමස්ත ව්‍යාපාර වලට දේශපාලන ප්‍රහාරයක් එල්ල වූ හැටි ඔබට මතකයේ තිබිය හැක. අප අද සංවේදී වී මාධ්‍යස්තව බැලීමට අකමැති වුවත් මෙය අනාගතයේදී තමාගේ ව්‍යාපාර දේපල මුදල් අන්සතු වීම කඩා වැටීම බලහත්කාර කම් කිරීමටම මේ උපක්‍රමය ඔබට එරෙහිවම ක්‍රියාත්ම වීම වැළකීමට නොහැකි වන බව බුද්ධියෙන් විමසා මතකයේ තබාගන්න.

අවශ්‍ය වන්නේ චිත්ත ඇන්ද ගැනුන් මෙන් නොව විද්‍යාත්මක සාක්ෂි අනුව විනිවිද ක්‍රියාමාර්ග ගැනීමයි. මේ කරන්නේ මෙක්සිකෝව කොලොම්බියාව වැනි රටවල් වාගේ අපව විකුණා මේ මාෆියා කල්ලි දිර්ගකාලිනව දරුවන් ගැනුන් සමග සැපට ජිවත් වීමකි. සියල්ලේ පැති දෙකක් ඇති බව පිළිගන්නා අයට වටහා ගැනීම පිණිස අප මෙසේ මතක් කර සිටිය යුතුයි.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!