Breaking News
Home / දේශීය පුවත් / 20 හැදුවේ අලි සබ්‍රිද දන්නේ ඉදිරිපත් කලේ නම් එයා තමයි, අළුත් ගැසට් එකක් ආයේ ගහනවා – ඇමති විමල්

20 හැදුවේ අලි සබ්‍රිද දන්නේ ඉදිරිපත් කලේ නම් එයා තමයි, අළුත් ගැසට් එකක් ආයේ ගහනවා – ඇමති විමල්

ආණ්ඩුව විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“කෙටුම්පත් කරපු කෙනා නම් මම දන්නෑ කවුද කියලා. අධිකරණ ඇමතිතුමා තමයි ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෙය සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකේ බලය ලබාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ “ඔව් දැන් අපෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන යම් යම් කණස්සල්ල පළවෙලා තියෙනවා යම් යම් කාරණා ගැන. එතකොට ඒවා ටික නිරවුල් වෙලා, නියම විදියට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අලුතින් සකස් වුණාම එතකොට කිසිම සැකයකින් තොරව තුනෙන් දෙක ගන්න පුළුවන්.

මම පක්ෂ නායක රැස්වීමෙදි මේකෙ අවශ්‍ය සංශෝධන කරන්න කියලා කතා කලේ එකඟ නොවෙන හින්දානෙ සමහර තැන්වලට” යනුවෙනි. අගමැති තුමා දැනුවත් කරලා අධිකරණ ඇමති එක්ක සාකච්ඡාවක් ඉල්ලුවා ලැබුනේ නැ. ඒ නිසා දැන් කමිටුවක් පත් කරලනේ තියෙන්නේ එකේදී නිර්දේශ දෙනවා යනුවෙන් පැවසුවා.

මාධ්‍යවේදීන් විමසුවේ එම කමිටුවට විපක්ෂ මන්ත්‍රීන් යොදාගන්නවාද යනුවෙන් එවිට ඇමතිවරයා පැවසුවේ ඔවුන් මේකට අවශ්‍ය නැ අපි දන්නවා දෙන්න ඕන නිර්දේශ ඒවා රටටම ප්‍රසිද්ධ වෙයි එතකොට බලමු යනුවෙන් පැවසුවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොස්ගම ප්‍රදේශයේ පැවති පාක්ෂිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!