Breaking News
Home / දේශීය පුවත් / 20 වන ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සහයෝගයක් නෑ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමත් එම විවාදයෙන් පසුවයි

20 වන ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සහයෝගයක් නෑ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමත් එම විවාදයෙන් පසුවයි

ඩී.එස් සේනානායක මැතිතුමන් දිනාදුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා රටට අහිමි කරන තැනට මේ රජය පත් වීම කණගාටුදායක බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසි වන ආණ්ඩුක්‍රම සංශෝධනයට කිසිදු සහයෝගයක් ලබා නොදීමටත්, ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කිරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ රට තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අහිමි කරමින් ඒකාධිපති පාලනයක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නියෝජිතයකු පත් කිරීම ද මෙම ව්‍යවස්ථා සංශෝධන විවාදයෙන් අනතුරුව සිදු කිරීමට තීරණය කර ඇති බව ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළා.

එක්සත් ජාතික නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ යහපාලනය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළ බවත්, කිසිදු විටෙක එම ජයග්‍රහණය ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් පෙන්වා දුන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී ඒ වෙනුවෙන් දැවැන්ත අරගලයක් සිදු කරන බව ද සඳහන් කළා.

මෙම ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සොයමින් සිටින මොහොතක කිසි ලෙසකින්වත් ඒ සඳහා ඉඩ නොදිය යුතු බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.

විජයවර්ධන මහතා මේ අදහස් පල කළේ දිවංගත ඩී. එස් සේනානායක ශ්‍රීමතාණන් ගේ 136 වන ජන්ම දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොල්ලුපිටිය ධර්මකීත්‍යාරාම විහාරස්ථානයේ (පොල්වත්ත පන්සල) පැවැති පුෂ්පෝපහාර සහ පුණ්‍යානුමෝදනා වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින්.

ඩී. එස් සේනානායක ශ්‍රීමතාණන් විසින් සිදුකළ ජාතික මෙහෙවර සිහිපත් කළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඩී. එස් සේනානායක ශ්‍රීමතාණන් විසින් මෙරට වැසියන්ට දිනා දුන් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පවා උදුරා ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බව ද සඳහන් කළා.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!