Breaking News
Home / දේශීය පුවත් / 20 දාට පෙර ආණ්ඩුවෙන් පනින ඇමතිවරු දස දෙනා කවුද?

20 දාට පෙර ආණ්ඩුවෙන් පනින ඇමතිවරු දස දෙනා කවුද?

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊයේ (07) දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී රහස් සාකච්ඡාවක නිරත වූ බවට වාර්තාවෙයි.

මෙම හමුවීම රජාපක්ෂ මහතාගේ නිළ නිවසේදී සිදුව ඇත.

මේ මස 20වනදාට පෙර ආණ්ඩුවේ ඇමතිවරුන් දස දෙනෙකු එකවර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවද මෙම සාකච්ඡාවේදී අණාවරනය වී ඇත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේදී අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කිරීමට මෙමගින් සැලසුම් කර ඇති බවත්, ඊයේ සාකච්ඡාවට සහභාගි වූ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයාට එම සහතිකය ලබාදුන් බවත් වාර්තාවෙයි.

පෙරේදා (06) දා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවතුණු අතර, ආණ්ඩුවෙන් ඇමතිවරුන් ඉවත්වීමේ සූදානමක් ඇති බැවින් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණු බවද වාර්තාවෙයි.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!