Breaking News
Home / ක්‍රිඩා / 194-4 සිටි ලංකාව තවත් ලකුණු 37 ඇතුලත සියල්ල දැවී යයි මංගල තරගයෙම සුභ ලකුණු පෙන්වූ ඕෂදගේ දැවීයාම තීරණාත්මකයි

194-4 සිටි ලංකාව තවත් ලකුණු 37 ඇතුලත සියල්ල දැවී යයි මංගල තරගයෙම සුභ ලකුණු පෙන්වූ ඕෂදගේ දැවීයාම තීරණාත්මකයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දු යැවීමට දකුණු අප්‍රිකාව තීරණය කළා. ඒ අනුව ලංකාව පන්දුවට පහර දීමට පැමිණිය අතර ආරම්භය සුභ එකක් වුයේ නැ. හතරේ පහර දෙකක් එල්ල කර ස්ථාවර වීමට උත්සහා කල දික්වැල්ල ලකුණු 13 දී දැවී ගියා.

එසේම උපුල් තරංගත් හතරේ පහර දෙකක් එල්ල කර සිටියදී පා ඉන්නට පිටින් යන පන්දුවකට පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ යට අග්‍රයේ වැදී කඩුල්ලේ වැදී දැවී ගියා. නමුත් ඉන් අනතුරුව හොද සම්බන්ධයක් තබාගන්න මංගල තරගයට මුහුණ දුන් ඕෂධ හා කුසල් ජනිත් ලකුණු 76 ක හොද සම්බන්ධයක් පැවැත්වුවා.

කුසල් ජනිත්ට හොද පන්දුවක් තහිර්ගෙන් යොමුවූ නිසා කොක් අතට පිටත අග්‍රයේ වැදී උඩපන්දුවක් ලබා දුන්නා. ඔහු දැවී ගියේ ලකුණු 33 කට. ඉන් අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්ගේ පහරකට ලකුණක් ලබා ගැනීමට ගොස් ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 49 කට. එයට හයේ පහර 2 සහ හතරේ පහර 5 ලබා ගත්තා.

ඔහු දුවද්දී දැවී නොගියානම් ශතකයක් පවා ලබා ගැනීමට තරම් ස්ථාවරත්වයක ඔහු සිටි අතර ජාත්‍යන්තර හා දේශීය විචාරකයන් පවසා සිටියා. ඔහු දැවී යන විට ලකුණු 101 ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව සදහන් වුවා. එම දැවී යාම ලංකා ඉනිමේ ප්‍රධානම හැරවුම් ලක්ෂයයි. එහෙත් ඉන් අනතුරුව පිටියට පැමිණි දනන්ජය හා කුසල් ලකුණු 94 ක හොද සම්බන්ධයක් පැවැත්වූ අතර ධනන්ජය ලකුණු 39 කට දැවී ගිය අතර ඔහු තහිර්ගේ ස්ටම්ප් කිරීමකට ලක්වූ අතර එය තරමක් මතබේදාත්මක තීරණයක් වුවා.

එය සැකයේ වාසිය පිතිකරුට හිමිවිය යුතුයි යන්න විචාරකයන්ගේ මතය වනවා. ඉන් අනතුරුව 210 දී කුසල් මෙන්ඩිස් තරමක් නොසැලකිලිමත් පහරකට ගිය මෙන්ඩිස් 60 ට දැවී ගියා. ඒ ඔහු ලබා ගත් 13 වන අර්ධ ශතකයයි. ඉන් අනතුරුව එක පිට එක කඩුලු වැටුන අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 12 එකතු කරන්න මාලිංග හා විශ්ව සමත්වීම හැර අනෙක් කිසවකු සම්බන්ධයක් ගොඩ නැගුවේ නැ.

වරක ලකුණු 300 ක් 320 ක් දක්වා ලංකාව යාවි යන්න විචාරකයන්ගේ මතය වුවත් ඉම්රාන් තාහිර් ඉනිමේ වටිනාම කඩුලු 3 ක් හොදම අවස්තාවලදී ලබා ගැනීම ලංකාවට මේ ඉරණම අත්වීමට හේතු වුවා. තාහිර් පන්දුවාර 10 ට ලකුණු 26 යි කුසල් දෙදෙනා ධනංජය ඇතුළු කඩුලු 3 දවා ගත් අතර ඕෂධ දුවද්දී දැවී ගියේ ඔහුගේ පන්දුවාරයේ.

ඒ අනුව ලංකාවේ රිද්මය බිදහෙලු ක්‍රීඩකයා ඔහුයි. ඔහු පසුගිය ශ්‍රී ලංකා සියලු තරගාවලි පරාජයට හේතුව වුයේ මේ ක්‍රීඩකයයි. ලුන්ගි එන්ගිඩි කඩුලු 3 ලබා ගත්තා. කෙසේ වෙතත් ලකුණු 232 ක් දකුණු අප්‍රිකාව ලබාගත යුතුයි. එයට ඕවරයකට 5 කට වඩා අඩුවෙන් ලබා ගත යුතයි.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!