Breaking News
Home / දේශීය පුවත් / 19 වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසරවීමට බලයක් නැතත් හිතුමතේ සිරිසේන ජනාධිපති අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරවිමේ සුදානමක්

19 වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසරවීමට බලයක් නැතත් හිතුමතේ සිරිසේන ජනාධිපති අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරවිමේ සුදානමක්

ජනාධිපති සිරිසේන විසින් තමාට නැති බලතල පවරා ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.

19 වන සංශෝධනය අනුව වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි වුවත් ව්‍යවස්ථාවේ කුමන හෝ කරුණක් ඉදිරිපත් කර විසිරවීමට සුදානමක් තිබෙනවබවයි පැවසෙන්නේ.

මේ වන විට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නීති උපදේශකයකු ලෙස කටයුතු කරන බවයි සදහන් වන්නේ. අද(9) දිනයේ සියලුම කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීම මෙය තහවුරු කරන අතර නව ආණ්ඩුවක් පත්වන තුරු රටේ කැබිනට් මණ්ඩලය වන්නේ මෙම පත්කරන කැබිනට් මණ්ඩලයයි. එයින් ඡන්ද ව්‍යාපාරයට වාසියක් ලබා ගැනීමට එම පාර්ශවයට හැකියාවක්ද ඇත.

එසේම රජයේ මුද්‍රණනාලය පොලිසිය මාධ්‍ය හා තවත් ආයතන කිහිපයක්ම ජනාධිපති සිරිසේන විසින් පවරාගෙන තිබෙනවා. ව්‍යවස්ථාවට පිටින් විවිධ අර්ථකතන දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට යන කාරණය සිදු කළහොත් නැවත නැවත මේ රටේ අනාගතයේ නිතිය ව්‍යවස්ථාව විවිධ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි උල්ලංගනය වීමේ බරපතල වැරදි ආදර්ශයේ මුල්ම පියවර බවට පත්වෙනු ඇති.

එසේම මෙහි අනිසි ප්‍රතිවිපාක රටේ පිල් බෙදී ඇති සාමාන්‍ය ජනතාවට අනිවාර්යෙන් බුක්තිවිදීමට සිදුවේවි

About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!