Breaking News
Home / ක්‍රිඩා / 19 පහල නායකයා වී වැඩ පෙන්වා ජාතික කණ්ඩායමේ දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කොදෙව් හෝල්ඩර් ලෝක වාර්තා තියද්දි උපුල් ලෝක කුසලානෙන් කැපීමේ සැලැස්මක්

19 පහල නායකයා වී වැඩ පෙන්වා ජාතික කණ්ඩායමේ දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කොදෙව් හෝල්ඩර් ලෝක වාර්තා තියද්දි උපුල් ලෝක කුසලානෙන් කැපීමේ සැලැස්මක්

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රිඩකයින් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.රටින් බිහිවු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වු සර් ගැරී සෝබර්ස්ගෙන් පසු ලොව හොදම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පැමිණි බටහිර ඉන්දීය ක්‍රීඩකයා වන්නේ මොහුයි.ගැරී සෝබර්ස් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පත්වූයේ 1974 වසරේදියි.

එංගලන්තයට එරෙහිව පසුගියදා නිමාවට පත්වු ටෙස්ට් තරගයේදී කොදෙව්වන් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 202 ක් සහ පන්දු යැවීමේදී කඩුලු 2ක් දවාගත්තා.එම තරගයෙන් පසුවයි ඔහු මෙලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ.අංක 08 හෝ ඊට පහළින් පිටියට පිවිස ද්විත්ව ශතකයක් රැස් කළ ලොව තුන්වන ක්‍රීඩකයා ලෙසයි ජේසන් හෝල්ඩර් ඉතිහාසයට එක්වුණේ.ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ බංග්ලාදේශයේ සකීබ් අල් හසන් පසුවන අතර, තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජායි.

ලංකාවේද තරුණ ක්‍රීඩකයන්ට 2015 පසු අනන්තවත් ජාතික කණ්ඩායමේ අවස්තාව ලැබුණි. එහෙත් 96 සිට 2015 දක්වා වසර 20 කට ආසන්න කාලයක් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක් ඇතුළු වීම යනු හීනයක් වගේම අතිදක්ෂයින්ට අවස්තාව නොලැබීම මත පළමු පෙළ කිරීමෙන් පමණක්ම ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවුවා. එහෙත් 2015 පසු කණ්ඩායමට දක්ෂයින් නොලැබුන හෙයින් දිනපතා අලුත් ක්රිදකයිනට අවස්ථා ලැබුනත් කිසි දිනක ඔවුන් ඒවා බාවිතා කර න.

අර්ජුන අතපත්තු සංගක්කාර මහේල වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණීමේදී යම් යම් අදිසි හස්ත මත කණ්ඩායමේ ස්ථාන වෙන්කරගත් බවත් දක්ෂයින්ට අවස්ථා නැතිවූ බවත් ඒ දිනවල කසුකුසු ගවත්මේ සියලු දෙනා ලැබුන අවතාවෙන් ප්‍රයෝජන ගත්තා පමණක් නොව ඔවුන් ඉවත් වුයේ ලොව අංක එකේ ක්‍රීඩකයින් වීමෙනුයි. හැමදෙනාටම අවස්ථාවක් නොලැබෙන තැන අවස්ථා ලද විට වෙනදාටත් වඩා කැපවීමෙන් පුහුණුවී ජිවිත කාලයේම තම ස්ථානය රැකගැනීමට වෙහෙස විය යුතුය. එහෙත් ලංකාවේ ලපටි ළදරු ක්‍රීඩකයින් ඇවිදීමට පාර්ටි දැමීමට ක්ලබ් යාමට පුරුදුව ඇති අතර ක්‍රිකට් අමතක වී ඇත.

බලධාරීන්ට මේ පිළිබද වැඩපිළිවලක් නැතිවීමද මේ හෙනය වැදීමට ප්‍රධානම හේතුවයි. 2019 ලෝක කුසලානයට තවමත් හරි හැටි කණ්ඩායමක් නැති අතර ලංකාවේ සිටින පළපුරුදුම පිතිකරුවා මෙන්ම දේශීය තරග ශ්‍රී ලංකා ඒ තරග වල ලකුණු අතර සිටින අවසන් අයර්ලන්ත තරගාවලියේ නායකත්වය දරමින් ශතකයක් අර්ධ ශතකයක් ලබාගත් උපුල් තරංග පවා ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොකරගැනීමේ යටි සැලැස්මක් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

ඒ රට ජයග්‍රහණයට නොව තම කුක්කන්ට සැප දීමට තේරුම් කමිටුව දැනටමත් පිබුරුපත් සකස් කර ඇති නිසාත් ඒ මත තම පදයට නටන ක්‍රීඩකයන් යවා තරගයක ලකුණක් දෙකක් ගසාගැනීමෙන් නිපන්දුවක් යවාගනිමෙන් කෝටි ගණනක තරග පවා දිම් කිරීමේ සැලැස්මක් ඇතිද යන්නත් සැක සිතිය හැක්කේ ලෝකයේ තරග පවා දෙන අංක එකේ රට ලංකාව නිසයි.

About article14

Check Also

තොන්ඩා කුඩු ගහන බව රන්ජන්ගේ රහසිගත කෝල් එකෙන් හෙළි වෙයි දිගම්බරන් කලින්ම නඩුවකුත් දාලා. ඒ නඩු යටගහලා. රන්ජන් කියන්නේ ඇත්ත

හැමෝටම ඇමතුම් දී මාධ්‍ය සාකච්චා තියන රන්ජන්ට එම පන්නයේම සිද්දියක් ගාල්ල දිස්ත්‍රික්කයේ පුෂ්පකුමාර මන්ත්‍රීවරයා සිදු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!