Breaking News
Home / Video / 16 කල්ලියේ ප්ලැනෙන් මහා ලේකම් කරපු මහින්දගේ දකුණු අත රිසර්ච් පියදාස කරපු පළමු කතාවේම සිරිසේන ලග තියන් මහින්ද දිනවනවා යයි කියයි

16 කල්ලියේ ප්ලැනෙන් මහා ලේකම් කරපු මහින්දගේ දකුණු අත රිසර්ච් පියදාස කරපු පළමු කතාවේම සිරිසේන ලග තියන් මහින්ද දිනවනවා යයි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ පත් කෙරුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී මෙම තාවකාලික පත් කිරීම් සිදු වූවා.

රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඉන් පසු ඔහු අවස්ථාව ලබා දුන්නේ සිය පක්ෂයේ නව මහලේකම්වරයා වෙතයි.

එහි දී අදහස් දක්වමින් සිටි නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යවරයාට එක් මොහොතක දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම වැරදීමකින් කියැවීම විශේෂයෙන් කැපී පෙණෙන සිදුවීමක් බවට පත් වුණා.

කෙසේ වෙතත් ඔහු වරද නිවැරදි කරමින් දිගින් දිගටම අදහස් පළ කළ අතර එම අවස්ථාව රැගත් වීඩියෝව නැරඹීම සඳහා පහළට යන්න

සභාපති – සිරිසේන
මහ ලේකම් – රෝහණ ලක්ෂ්මන් පියදාස
ජාතික සංවිධායක – දුමින්ද දිසානායක
භාණ්ඩාගාරික – එස්.බී. දිසානායක.

ජ්‍යේෂ්ඨ උප සභාපතිවරු – නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා(දුෂිත හෙජින්), සුසිල් ප්‍රේම් ජයන්ත්(බාල තෙල්)

උප සභාපතිවරු – ඒ.එච්.එම්.ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර(ස්ලම් ඩෝග් මිලියනයර්), රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ශාන් විජේලාල් ද සිල්වා, අංගජන් රාමනාධන්

උප ලේකම්වරු – රංජිත් සියඹලාපිටිය, සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය(ජෝතිෂ්‍ය කට්ටඩියා), චාමර සම්පත් දසනායක (ගුරුවරිය දන ගැස්සවූ ), ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සුමේධා ජී.ජයසේන

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!