Breaking News
Home / ක්‍රිඩා / 15 ඇරබෙන බංගලි සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලිය වෙනස් කිරීමට බංගලි ක්‍රිකට් බලධාරීන් තීරණය කරයි

15 ඇරබෙන බංගලි සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලිය වෙනස් කිරීමට බංගලි ක්‍රිකට් බලධාරීන් තීරණය කරයි

ශ්‍රී ලංකාව ,සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ තරඟ නියම කරගත් පරිදි නොපැවැත්වීමට බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

තරඟාවලියේ තරඟ සියල්ල බංගලාදේශයේ බංගලා ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට සැලසුම් කර තිබුනේ දිවා රාත්‍රී තරඟ ලෙස වන අතර ඒ අනුව සෑම තරඟයක්ම බංගලාදේශයේ වේලාවෙන් සවස 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබිණි.

නමුත් මෙම සැලසුම් වෙනස් කරමින් තරඟාවලියේ සියලු තරඟ මද්‍යාහන 12 ට ආරම්භ කිරීමට බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම තීරණයට ප්‍රධාන හේතුවක් බවට ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ දිනවල රාත්‍රියේ පතිත වන පින්න ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි බලපෑමක් කල හැකි නිසා මෙලෙස සැලසුම් වෙනස් කිරීමට තීරණය කල බවය.

මෙම තත්වය මත දෙවන වර පන්දු රකින කණ්ඩායමට පින්නෙන් වන බලපෑම තරමක් අඩුවන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නම් මෙම වෙනස අලුත් අත්දැකීමක් නොවන්නේ ඔවුන් ඉන්දීය සංචාරයේද එක්දින තරඟ මේ අකාරයේ සැලසුමකට අනුව ක්‍රීඩා කල නිසාය.

තරඟාවලිය මෙම මස 15 වනදා බංගලාදේශයෙදී සිම්බාබ්වේ කණ්ඩායම සහ සත්කාරක බංගලාදේශය අතර පැවැත්වෙන තරඟයකින් ආරම්භ වන අතර සිම්බාබ්වේ කණ්ඩායම මෙම මස 10 බංගලාදේශයට ලඟා වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 13 වනදා බංගලාදේශයට ලඟා වීමට නියමිතව ඇත.

බංගලාදේශයට තම පරිසරයේ ක්‍රීඩා කිරීමට හැකි නිසා එහි වාසිය ලැබුනද ශ්‍රී ලංකාවටද මෙම තත්වය එතරම් වෙනස් අත්දැකීමක් නොවන්නේ දෙරට අතර දේශගුනිකව එතරම් වෙනසක් නොමැති නිසාය.

මුලික වටයේදී එකිනෙක කණ්ඩායම් සහ අවස්ථා දෙකකදී තරඟ වදින කණ්ඩායම් තුනෙන් වැඩි ප්‍රසාද ලකුණු දිනාගන්නා කණ්ඩායම් දෙක ජනවාරි 27 අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතය.

තරඟ කාල සටහන 

Bangladesh vs Zimbabwe, Match 1, Dhaka, January 15

Sri Lanka vs Zimbabwe, Match 2, Dhaka, January 17

Bangladesh vs Sri Lanka, Match 3, Dhaka, January 19

Sri Lanka vs Zimbabwe, Match 4, Dhaka, January 21

Bangladesh vs Zimbabwe, Match 5, Dhaka, January 23

Bangladesh vs Sri Lanka, Match 6, Dhaka, January 25

Final, Dhaka, January 27.

About article14

Check Also

ලංකාවේ පිබිදීම අමතක කර නිදහස් කුසලානය ඉන්දියාව ලෙහෙසියට ගන්න සුදානමක් විරාත් බුම්රා බුවෙනේශ්වර් විවේක ගැන්වීමට ඔවුන් සුදානම් වෙයි

2017 වසරමැදදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිට දිගින් දිගටම තරග වලට සහභාගිවීම නිසා ක්‍රීඩකයන් වෙහෙසට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!