Breaking News
Home / දේශීය පුවත් / 14 හොඳින් හෝ නරකින් බහුතරේ පෙන්නවා” දුරකථන තහනම් වු නිදහස් පක්ශ කාරක සභා රැස්වීමේ දයාසිරි කියයි

14 හොඳින් හෝ නරකින් බහුතරේ පෙන්නවා” දුරකථන තහනම් වු නිදහස් පක්ශ කාරක සභා රැස්වීමේ දයාසිරි කියයි

දුරකතන පවා ඇතුලට ගෙන යාම තහනම් කරමින් අද (8) පැවති නිදහස් පක්ශ සමස්තලංකා කාරක සභාව සුළු මොහොතකට පෙර අවසන් වුවා.

එහිදි පක්ශ මහා ලේකම් රෝහන ලක්ශ්මන් මහතාද පැවසුවේ පාර්ලිමේන්තුව විසුරවන්නේ නැති අතර 14 වනදා අනිවාරයෙන් පාර්ලිමේන්තුවේ බලය පෙනවන බව ජනාදිපති සිරිසේන පැවසු බවයි.

මෙම රැස්වීම පිලිබද නිදහස් පක්ශ සාමජිකයන් පවා තරමක් තිගැස්මෙන් සිටියේ දුරකථන ගෙන ඒම වාරනයක් කර තිබු නිසාවෙන්.

මෙහිදී විශේෂයෙන් 14 වනදා බහුතරය පෙන්වීම පිලිබද කතාවී ඇති අතර එහිදී ජනාධිපතිවරයා ගත් තීරනය කෙසේ හෝ සාර්ථක කරගන්නා බව පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් ජනාදිපතිවරයා සමග අදහස් දක්වපු දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසා ඇත්තේ 14 වනදා රටේ ඉතිහාසගත දිනයක් බවට පත් කරන බවත් තමන් හොදින් හෝ නරකින් බහුතරය පෙන්වන බවත් එහිදී මන්ත්‍රිවරයකුගේ ජීවිතය බිල්ලට ගැනිමට සිදුවුවොත් එය වුවද කිරිමට පසුබට නොවන බවත් පැවසු බව අභ්‍යන්තර ආරන්චි මාර්ග තහවුරු කරනවා.

මෙම තිගැස්මෙන් යුතු දයාසිරිගේ ප්‍රකාශය හා තිරනය එජාපයට හිතවත් කාරක සභා සාමජිකයින් කිහිපදෙනකු එජාප නායකයන්ට රැස්වීම අවසන් වු වහාම දැනුම් දී ඇති බවයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ග සදහන් කරන්නේ.

අද දිනයේ මහින්ද පාර්ශවය ඇතුලු පොහොට්ටු කන්ඩායම මෙම රැස්විමට සහභාගි වි නැති අතර 14 වනදා බහුතරය පෙන්වීමට ඕනෑම දෙයක් කිරිමට සිරිසේන ජනාධිපති සූදානම් බව මේ වන විට ස්ථිර වී හමාර වන අතර රටේ ජනතාවගේ ජීවිත හා මන්ත්‍රිවරුන්ගේ ජීව්තද මේ වන විට ඉතා අවදානම් තත්වයක පවතින බව මේ ප්‍රකාශයෙන් වැටෙහෙන බවයි මේ වන විට විචාරකයන්ගේ බිය වී ඇත්තේ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!