Breaking News
Home / දේශීය පුවත් / 13% ගත් ජනාධිපති 32% ක් ගත් අගමැතිට ජනතා අප්‍රසාදය නිසා අස්වෙන්නැයි දන්වයි. ලංකාවෙන් 4 වූ මෛත්‍රීගේ විලිවසාගැනීමේ උපක්‍රමය

13% ගත් ජනාධිපති 32% ක් ගත් අගමැතිට ජනතා අප්‍රසාදය නිසා අස්වෙන්නැයි දන්වයි. ලංකාවෙන් 4 වූ මෛත්‍රීගේ විලිවසාගැනීමේ උපක්‍රමය

Image result for dayasiri jayasekara with mahinda

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා. මේ සමගම වත්මන් රජය වෙනස් වීමේ සුදානමක් පිළිබදවද වාර්තා වෙනවා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස් වන ලෙස දන්වා තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ජනතාව විසින් පැහැදිලි තීරණයක් ලබා දී තිබෙන බවද , තමන් තීරණයක් ගැනිමට පෙර අගමැතිවරයාම තීරණයක් ගත යුතු යැයිද ජනපතිවරයා විසින් අගමැතිවරයාට පවසා තිබෙන බවද වාර්තා වෙනවා.

උපුටාගැනීම – nethfm

අපට තිබෙන අනෙත් හාස්‍යජනක කාරණයනම් 13% ක් ලබා රටේ ඉහලම සිටින ජනාධිපතිවරයා 32% ක් ලබා සිටින අගමැතිවරයාට ජනතාව තීරණයක් ලබා දී තිබෙනවා අස්වෙන්න යන්න සදහන් කරනවානම් සම්පුර්ණ රාජ්‍ය බලය ඇතිව විධායක ජනපති ලෙස නිදහස් පක්ෂ නායකයා ලෙස තමිල් අරුසකච්චි පක්ෂයටත් පරාජය වී හතරවන තැනට වැටි ඇති පුද්ගලයාට අසීමිත බලයක් තිබෙනවාද යන්න සමාජය හමුවේ තිබෙන කාරණයයි.

තමන්ගේ නොහැකියාව හා විලිවසා ගැනීමට, තම පක්ෂයේ අපේක්ෂක කම කැප කර සජිත් ඇතුළු බොහෝ දෙනකු විරුද්ද වද්දී පොදු අපේක්ෂකයා කිරීමට එකගව ජනාධිපති පුටුවේ ඉන්දවූ පුද්ගලයා පයින් ගසා එළවීමට දැන් සුදානම්ය. මෙම පුද්ගලයා මේ වන විට ඉතිහාසයේ අමතක නොවන ජනපති කෙනෙකු බවට පත්ව ඇත. ප්‍රශ්නයනම් මොහුගේ පට්ටම ගැලවූ පසු මොහු සාමාන්‍ය පුදගලයකු ලෙස ජීවත්වීමට සමාජයට ගිය පසු මොහුට සහ මොහුගේ පවුලට සමාජයෙන් දකින පිළිකුල් බාවය දරාගැනීමට හැකිවේද යන්නයි. මේ සියල්ල කාලයට හා අනාගතයට බාර දී බලා සිටිමු!

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!