Breaking News

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තමා අවසන් වතාවට සහභාගී වූ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ පිතිහරම්භයේ යෙදුන සැහැල්ලු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වූ අතර සරේ කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් වන රොරි බර්න්ස් සහ ‍රිකි ක්ලාක් තම පිතිහරම්භයේ තිබු වැරදි සංගාගේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමෙන් පසු නිවැරදි කරගත් බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සංගාගේ උපදෙස් ලබා ගත් ඕස්ට්‍රේලියා පිතිකරු ෂෝන් මාෂ් තමාගේ පිතිහරම්භයේ තිබු වැරදි නිවැරදි කරගෙන මේ වනවිට ඔහුගේ පිතිහරම්භයේ හොඳම අවධියේ ඇති බවත් ඒ සඳහා සංගාගේ සහය ලැබී ඇති බවත් ඔස්ට්‍රේලියාව නියෝජනය කල දක්ෂ පිතිකරුවකු මෙන්ම වර්තමානයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ජස්ටින් ලැන්ගර් පවසා ඇත.

“One of the best things that happened to him, he played for Yorkshire and in his last game of the county season he watched Kumar Sangakkara, one of the all-time great players, get a hundred,”

සංගා පසුගිය තරඟවාරයේ ශතක 10ක් හෝ 11 ක් ලබා ගත් ආකාරය තමාට ඇදහිය නොහැකි බවත් එම පිතිහරම්භයේ යෙදුන ආකාරය බලන විට ඔහුගේ සාර්ථකත්වයට ලොකුම හේතුව ඔහුගේ සැහැල්ලු මනස බවත් සෑම පන්දුවක්ම තම පිත්තේ හරි මැදින් පිළිගත් සංගාගේ පිතිහරම්භය ගැන මාෂ් තමා සමඟ මහා ඉහලින් කතා කල බවද ලැන්ගර් පවසා තිබිණි.

එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ යෝක්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කල ෂෝන් මාෂ් සංගාගේ සරේ කණ්ඩායම සමඟ තරඟයේ ඉතා හොඳින් ලකුණු 78ක් ලබා ගත් අතර සංගා එම තරඟයේ ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වූ අතර තමාට ඒ තරඟයේ සංගාගේ උපදෙස් අවශ්‍ය වූ බව මාෂ් පවසා තිබිණි.

First i get his tactic lessons, When I went out to bat in that innings, I wanted to be like Kumar (Marsh)

ලැන්ගර් වැඩි දුරටත් ෂෝන් මාෂ් ගැන පවසා තිබුනේ මාෂ් මේ මොහොතේ සිටින්නේ තම ක්‍රිකට් දිවියේ හොඳම අවධියේ නිසා මාශ්ට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අවස්ථාවක් හිමි විය යුතු බවය. කුමාර් සංගක්කාර එංගලන්තය හා ඕස්ට්‍රේලියාව රටවල යොවුන් ක්‍රීඩකයන් බොහො දෙනෙකුට තාක්ෂණය ලබා දීම බොහෝ බටහිර මාධ්‍ය වාර්තා කර තිබුනු අතර කුමාර් සංගක්කාරට නයිට් පදවියක් ලබා දිය යුතු බවටද එංගලන්ත මාධ්‍ය සදහන් කර තිබුනා.

 

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!