Breaking News
Home / දේශීය පුවත් / 113 ඉන්නවා කියලා ඊයේ වෙනකම් කයිය ගැහුවා එහෙනම් ඇයි විසුරුවේ. මැතිවරනයට මුදල් වෙන් කරලා නෑ – රාජිත

113 ඉන්නවා කියලා ඊයේ වෙනකම් කයිය ගැහුවා එහෙනම් ඇයි විසුරුවේ. මැතිවරනයට මුදල් වෙන් කරලා නෑ – රාජිත

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.

‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා.

ඒත්  ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.

දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න.

මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා.  ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.

මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා.

ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ.

මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ.

දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.

අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා.

අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ.

මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!