Breaking News
Home / දේශීය පුවත් / ෆේස් මාස්ක් හිගයට විසදුමක් දෙන්න හිටපු අගමැති රනිල් මැදිහත්වෙයි

ෆේස් මාස්ක් හිගයට විසදුමක් දෙන්න හිටපු අගමැති රනිල් මැදිහත්වෙයි

කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක් මෙරටින් වාර්තා වීමත් සමග රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Mask) ලබා දෙන ලෙස හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වා ගත හැකි ලගම රාජ්‍ය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර තිබේ.

තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාව ද දැනුම්වත් කර ඇති අතර කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දීමට කටයුතු කරන බවද පවසා ඇත.

මුහුණු ආවරණ ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකි සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා දන්නා බවට කළ දැනුම්දීමට අනුව ඔහුට රජය හා මැදිහත්ව මෙය කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකයා මන්ත්‍රීවරයාට උපදෙස් දී තිබේ.

එසේම ජනතාව මේ වන විට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!