Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ෆේස්බුක් පේජ් ඇඩ්මින් වරුන්ට සකර්බර්ග් ගෙන් අසුබ ආරංචියක් ඇතිවී තිබෙන තත්වය අනුව පේජ් ඇඩ්මින් වරු ප්‍රසිද්දියට පත් කරන්න යයි

ෆේස්බුක් පේජ් ඇඩ්මින් වරුන්ට සකර්බර්ග් ගෙන් අසුබ ආරංචියක් ඇතිවී තිබෙන තත්වය අනුව පේජ් ඇඩ්මින් වරු ප්‍රසිද්දියට පත් කරන්න යයි

ෆේස්බුක් වෙබ් අඩවිය වෙනස්කම් රැසකට භාජනය කරන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා,  ඒ ලොව පුරා විවිධ රටවල එලබීමට නියමිත මැතිවරණයන් ඉලක්ක කරමින්.

පසුගිය ඇමෙරිකානු එක්සත් ජනපද මැතිවරණයට මෙන්ම , විවිධ රටවල පැවති මැතිවරණ සදහා ෆේස්බුක් වෙබ් අඩවියෙන් අයථා බලපෑම් සිදුවූ බවට එල්ල වූ චෝදනා මෙම වෙනස්කම් සිදු කිරීමට හේතුවයි.

මේ පිළිබදව අදහස් දක්වන මාර්ක් සකර්බර්ග් පවසා තිබුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ විශාල පිටු (Facebook Pages) හිමිකරුවන්ට සහ ඇඩ්මින්වරුන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ඉදිරියේදි සිදුවන බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාල ෆේස්බුක් පිටු සදහාද ඉදිරියේදි එම පිවුවල ඇඩ්මින්වරුන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සිදු වේවි. එසේ නොකරන ෆේස්බුක් පිටු වලට පුවත් පළ කිරීමට නොහැකි වන සේ ෆේස්බුක් වෙබ් අඩවිය යාවත්කාලීන වීමට නියමිතයි.

තවද ෆේස්බුක් වෙබ් අඩවියේ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන්ටද සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සිදුවන බව මාර්ක් සකර්බර්ග් පවසනවා. මේ අනුව ව්‍යාජ ගිණුම් ඔස්සේ ෆේස්බුක් වෙබ් අඩවියේ දේශපාලන කටයුතු වල නිරත වීමටද ඉදිරියේදි අවහිරතා පැනවෙනු ඇත.

 


About lanka

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!