Breaking News
Home / Video / ළමුන් නිතර බොන මයිලෝ වල තියන අධික සීනී ප්‍රමානය හංගලා කරන හොර වැඩේ ජනපති ප්‍රසිද්ධියේ හෙලිකරයි

ළමුන් නිතර බොන මයිලෝ වල තියන අධික සීනී ප්‍රමානය හංගලා කරන හොර වැඩේ ජනපති ප්‍රසිද්ධියේ හෙලිකරයි

දියවැඩියාව පිළිබද ජනතාව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලූ රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළේය.

එමෙන්ම විවිධ සමාගම් විසින් වෙළෙද පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප‍්‍රමාණය ප‍්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ධ ඊට අදාළව කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවන් නිෂ්පාදන පිළිබද අදාළ තීන්දු තීරණ ගැනීමට තමා ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ද අවධාරණය කළේය.එහිදී ජනාධිපතිවරයා විසින් වෙලදපොලේ ඇති මයිලෝ කිරි පැකට්ටුවක් පෙන්වමින් සදහන් කලේ තමන් 2013 වසරේදී මෙම කර්මාන්ත ශාලාවේදී නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී එම කිරි පැකට්ටුවේ ඇති සිනි ප්‍රමාණය පිළිබද අසු විට එහි නිලධාරින් එම පැකට්ටුවේ සිනි 15 %ක් ඇති බවත් සදහන් කල බවය.නමුත් දැන් එම මයිලෝ පැකට්ටුවේ සීනි ප්‍රමාණය 16.5 % ක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සිනි ප්‍රමාණය එම පැකට්ටුවේ සදහන් කර නොමැති බවද එහිදී පෙන්වා දුන්නේය.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!