Breaking News
Home / Video / ‘හොරෙක් හොරෙක් බහිනවද නැද්ද’ චන්දිමව පෙළපාලි කරුවන් බස්සයි. විනාඩි 10 ක් පරක්කු වුනා කියලා ඩිඅයිජි ට දොස්. හෙල්මට් නැතිව බයිසිකලෙන් අකිල සභාවට

‘හොරෙක් හොරෙක් බහිනවද නැද්ද’ චන්දිමව පෙළපාලි කරුවන් බස්සයි. විනාඩි 10 ක් පරක්කු වුනා කියලා ඩිඅයිජි ට දොස්. හෙල්මට් නැතිව බයිසිකලෙන් අකිල සභාවට

විශ්‍රාමිකයන් ඊයේ (09දා) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණි. ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ දිනයක් හෙයින් ඇතිවූ වාහන තදබදය හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත මන්ත්‍රිවරු අපහසුතාවට පත්ව තිබුණි.

මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද විය. අවසානයේදී ඔහු පාර්ලිමේන්තුවට යෑම සඳහා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් නවත්වාගෙන එයින් ගමන් කරන්නට විය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඇතැම්විට හිස් ආවරණයක් (හෙල්මටයක්) සොයාගැනීමට නොහැකි වූ නිසාදෝ අමාත්‍යවරයා යතුරුපැදියේ ගමන් ගත්තේ හිස්වැස්මක් නොමැතිවය.

හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියක ගමන් කිරිම වරදක් වන අතර ඒ සඳහා දඬය රුපියල් 1000කි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් හුවමාරුවන අතර ඔවුන් විමසා සිටින්නේ අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක නොවන්නේද යන්නයි

කෙසේ වෙතත් අමාත්‍යවරයාට එම දඬ පැනවීමට නම් පොලීසිය විසින් ඔහුව නවතාලිය යුතු වෙයි. එවැන්නක්ද සිදු වී නොතිබුණ.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමන්ට පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ තුනකට පිළිතුරු දීමට තිබූ හෙයින් යතුරුපැදියකින් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

එසේම 16 කල්ලියේ වසර තුනක් ඇමතිකම් කල චන්දිම වීරක්කොඩි ද මේ පෙළපාලියට හසුවූ අතර පෙළපාලිකරුවන් හොරෙක් හොරෙක් යනුවෙන් කෑගසමින් ඔහුගේ වාහනය වට කරගනු දුටුවා.

පාර්ලිමේන්තුවේදී වීරක්කොඩි මන්ත්‍රීවරයා කතා කල අතර ඔහුගේ වරප්‍රසාද කඩවුණු අතර ජිවන වියදම විශ්‍රාමිකයන්ට දැනෙන්නේ නැද්ද යනුවෙන් පෙළපාලි කරුවන් තමාගන් ඇසු බව ඔහු කියා සිටියා . එවිට අපුරු පිළිතුරක් කිරිඇල්ල සභානායක ලබා දුන් අතර අවුරුදු 3ක් ඇමතිකම් කළා දැන් එලියට ගිහින් මාස ගානයි අපෙන්ද අහන්නේ ඔයත් ඒවාට වග කියන්න ඕන එහෙනම් යනුවෙන් පැවසුවා.

චන්දිම වීරක්කොඩි පාරේ විනාඩි 10 ක් සිටියා කියා නි පොලිස්පති වරයෙක්ට දොස් කියන අතර රටේ මහා ජනයා මහා පාරේ හා බස් වල දිනකට පැය ගණන් දාඩිය පෙරාගෙන ඉන්නා බව මේ සිටු කුමරා නොදන්නවා ඇති බවයි මේ ප්‍රකාශ වලින් අපට පෙනී යන්නේ.

මේ රටේ ලොකුම ප්‍රශ්නය රට පාලනය කරන උන්ට රටේ ප්‍රශ්න මුණ නොගැසීමයි. වසර 3 ක් ඇමතිකම් කල නිසා පාර සුද්ද කර ට්‍රැෆික් ඉවත් කර සුස් ගා පාරේ ගිය නිසා විනාඩි 10 ක් පාරේ ලත වීමට මේ හිටපු ඇමතිට නොහැකි බව පැහැදිලි.

අතීත රජවරු වෙස් වලාගෙන රට වැසියා තමන්ට බනිනවාද ප්‍රශ්න මොනාද යන්න බලාගෙන ඇවිත් ඒවාට පිළියම් පසුව ගන්නා බව අප අසා ඇත. එසේම මෑත අතීතයේ පක්ෂ පාට නොමැතිව අප අසා ඇති එකම නායකයා එසේ පාර තොටේ ආරක්ෂාවක් නොමැතිව යන ජනාධිපති ප්‍රේමදාස පමණි.

තමාගේ කාර් රථයක් රැගෙන උදේ 5 ට පමණ විදි පුරා යන බවත් යන අතර පාරක වලක් හෝ යමක් පැවතිනහොත් අදාළ නිලධාරින් අම්මා අප්පා මතක් කරගන්නා බව අප අසා ඇත.

මේ වර්තමාන ජනතා නියෝජිතයින්ට විනාඩි 10 ක් ඉවසීමට නොහැකි වූ ආකාරය

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!