Breaking News
Home / Video / හොරු කියලා චෝදනා තියන රැලක් තවත් හොරු කියන රැලකට හොරු කියන විදිහිය බලන්න. එක හාදයෙක්ගේ මූණත් කැපිලා

හොරු කියලා චෝදනා තියන රැලක් තවත් හොරු කියන රැලකට හොරු කියන විදිහිය බලන්න. එක හාදයෙක්ගේ මූණත් කැපිලා

අද (10) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටි බැට හුවමාරුවේදී එස්.එම් මරික්කාර්, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි අතර ප්‍රබල ගැටුමක් ඇති වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරන්නේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසාගේ මුහුණේ කැපුම් තුවාල සිදුව තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් දැක නොමැති බවයි. එම ගැටුමේදී ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා පළමුව නැගී සිටි බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කරනවා.

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණි ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!