Breaking News
Home / දේශීය පුවත් / හොරුන්ට දීපු තීන්දු ගැන සාකඡ්චා මා එක්ක බෑ. ජනපති නිදහස් පක්ෂයට කියයි.

හොරුන්ට දීපු තීන්දු ගැන සාකඡ්චා මා එක්ක බෑ. ජනපති නිදහස් පක්ෂයට කියයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සිරගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ගිය ඇමැතිවරු පිරිසකට ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇත.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා මුණගැසී අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. එහි දී ජනාධිපතිවරයා ඍජුව පවසා ඇත්තේ දූෂිතයන් සහ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ විමර්ශන යන්ත්‍රණය විධිමත්ව ඉදිරියට යනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු මැදිහත් නොවිය යුතු බවත් ය. එසේ ම මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අදාළ නඩු සම්බන්ධයෙන් පමණක් තමන් සමඟ කිසිවක් කතා නොකරන ලෙස ය. අනෙක් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් එකඟ බව ද මෙහි දී ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමැතිවරුන්ට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කාශ්‍යප කොතලාවල

අගමැති සහ හිටපු ජනපති, හිටපු ජනපති ලේකම් සහ අනූෂ පැල්පිට සිරගත් කල දින හමුවූ පුවත් පහතින්..

https://goo.gl/8Ta39e

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!