Breaking News
Home / දේශීය පුවත් / හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී නවින් දිසානායකගේ බාල සොයුරු මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට එක් සමගි ජනබලවේගය පක්ෂයේ හිමිකරු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

රජයේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. ‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක (සැමියා) උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.

කිංග්ස් නෙල්සන් (පොලොන්නරුව සජබේ එකම මන්ත්‍රී ආසනය) මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක. (2019 සැප්තැම්බර් වන තුරු මහින්ද පිල සමග සිටි මහින්ද ජනාධිපතිගේ සති දෙකේ සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක) ඡන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය වැයේදී ගන්නම් කියලා.

ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය හෙලිදරව් කලාය. මේ බව හිටපු ජනපතිගේ ලේකම්වරයෙක් මෙන්ම 2019 මැතිවරණයේ සජබේ මැතිවරණ ක්‍රියාන්විතයේ ඉහල තනතුරක් දරු භාරත තෙන්නකෝන්ද තම ෆේස්බුක් ගිණුමේ මේ සටහන දක්වා තිබෙනවා.

තවද තමන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි. තමනට ඉදිරියේදී කුමන ඇමති ධූරය ලැබේවිදැයි ප්‍රකාශ කළ නොහැකි බව ද ඇය සඳහන් කරන්නීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය. ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල කරන නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්. – මුලාශ්‍ර mawrata.lk

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!